
2026 විස්සයි 20 ලෝක කුසලානය සහ ඉන්දීය සංචාරය සඳහා බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වන දින ගනු ඇතැයි ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.
ඉකුත් සතිය පුරා ඩකා නුවරදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය අතර දෙවන වටයේ සාකච්ඡා අතරතුර මෙම අවසාන දිනය ප්‍රකාශයට පත් කරන ලදී.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසන් තීරණය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින අතර, බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළහොත්, වත්මන් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ස්කොට්ලන්තය විකල්ප කණ්ඩායමක් ලෙස ඇතුළත් කළ හැකි බව සති තුනකට ආසන්න කාලයක් පුරා පැවති මෙම සිදුවීමට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්වමින් ESPN Cricinfo වෙබ් අඩවියේ සඳහන් වේ.
