Where the Life Meets Cricket

info@cricketlk.com

SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතියේ විශේෂතා

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ SSC ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය විවෘත කළේය.

ඒ අනුව මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතුරින් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපනය කළ 5වන ක්‍රීඩාංගණය බවට SSC ක්‍රීඩාංගණය ඉතිහාසයට එක්විය. 

කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ, සූරියවැව සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවල මීට පෙර විදුලි ආලෝක පද්ධති ස්ථාපනය කර ඇත.

SSC ක්‍රීඩාංගණයේ අභිනව ආලෝක පද්ධතිය LED තාක්ෂණය මත පදනම් වූ කුළුණු 6කින් සමන්විතය.

සමස්ත ක්‍රීඩාංගණය පුරා ඒකාකාර ආලෝකකරණයක් ලබාදීම සඳහා ‘LED ලුමිනියර්’ 630ක් (කුළුණු 3කට 100 වනසේ සහ කුළුණු 3කට 110 වන සේ) මේ සඳහා භාවිතා කර ඇත. 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවශ්‍යතාවට සරිලන ලෙස දීප්තිය සහිත මෙම පද්ධතිය ක්‍රීඩකයින්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහා උසස් දෘශ්‍ය පැහැදිළිතාවක් ලබාදෙනු ඇත.

ඊට අමතරව නරඹන්නන්ට වැඩි ආශ්වාදයක් ගෙනඒමේ අරමුණින් දෘශ්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය සිදුවීම් නිර්මාණය කිරීමට හැකි වර්ණ ආලෝකකරණ දර්ශන ඇතුළුව බහුවිධ මෙහෙයුම් ක්‍රම සක්‍රීය කළ හැකි වන නවීන ආලෝකකරණ පාලන පද්ධතියක්ද මෙහි ස්ථාපනය කර තිබීම විශේෂත්වයක්ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක්ම SSC ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලෝක කුසලාන සමාරම්භක තරගය වන පාකිස්තාන –  නෙදර්ලන්ත තරගය ඇතුළුව මෙහි තරග 5ක් පැවැත්වීමට නියමිතය.

විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම පසු ප්‍රර්දර්ශනාත්මක ක්‍රිකට් තරගයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More