Where the Life Meets Cricket

info@cricketlk.com

SSC ක්‍රීඩාංගණයට එන දිවා - රාත්‍රී ටෙස්ට් තරග ?

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී දිවා – රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.
 
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා.
 
ඒ අනුව, අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචරයට සමගාමීව SSC ක්‍රීඩාංගණයේදී රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන දිවා – රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වෙනු ඇති බවටයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
 
මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වනු ඇති.
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *