Where the Life Meets Cricket

info@cricketlk.com

PSL ලීගයට නව කණ්ඩායම් දෙකක්

පකිස්ථාන් සුපර් ලීග් (PSL) තරගාවලිය සඳහා නව කණ්ඩායම් දෙකක් එක්වී තිබෙනවා.
 
ඒ හයිද්‍රාබාද් සහ සියල්කෝට් නියෝජනය කරමිනි.
 
ඒ අනුව 2026 පකිස්ථාන් සුපර් ලීග් (PSL) තරගාවලිය සඳහා කණ්ඩායම් 08 ක් ක්‍රීඩා කරනු ඇති.
 
කණ්ඩායම් දෙකේ ගැනුම්කරුවන් තීරණය කිරීම සඳහා පැවති වෙන්දේසියේදී FKS සමූහය හයිද්‍රාබාද් කණ්ඩායම පකිස්ථාන රුපියල් බිලියන 1.75 කට (අමෙරිකානු ඩොලර් මිලියන 6.2 කට) මිළදී ගනු ලැබුවා.
 
සියල්කෝට් කණ්ඩායම මිළදී ගනු ලැබුවේ පකිස්ථානු රුපියල් බිලියන 1.85 කට (අමෙරිකානු ඩොලර් මිලියන 6.2 ) වන අතර මිළදී ගනු ලැබුවා.
 
එය සැළකෙන්නේ පකිස්ථාන් සුපර් ලීග් තරගාවලියකදී කණ්ඩායමකට හිමිවූ ඉහළම ලංසුව ලෙසටයි.
 
2026 වසරේ පකිස්ථාන් සුපර් ලීග් තරගවාලිය මාර්තු මස 26 වනදා සිට මැයි මස 03 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
 
මෙවර එය පැවැත්වෙන්නේ 11 වන වරට වීමද විශේෂත්වයක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *