Where the Life Meets Cricket

info@cricketlk.com

Night Club සිද්ධියට බෙන් ස්ටෝක්ස් සහ ගස් ඇට්කින්සන් නිදහස්

පසුගිය 8 වනදා රාත්රී සමාජ ශාලාවක සිදුවූ සිද්ධියට අදාළව එංගලන්ත ක්රිකට් ක්රීඩකයන් වන බෙන් ස්ටෝක්ස් සහ ගස් ඇට්කින්සන් නිදහස් කර තිබෙනවා.
 
ඒ අනුව නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන 3වන ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සුපිරි ක්රීඩක බෙන් ස්ටෝක්ස් ලබන සතියේදී නැවත කණ්ඩායමට එක්වීමට නියමිත බව ද වාර්තා වනවා.
 
(08) වනදා අළුයම් කාලයේදී රාත්රී සමාජ ශාලාවක සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් සහ වේග පන්දු යවන ක්රීඩක ගස් ඇට්කින්සන් සම්බන්ධයෙන් එංගලන්ත ක්රිකට් පාලක මණ්ඩලය විශේෂ විමර්ශනයක් සිදු
කරනු ලැබුවා.
 
කෙසේවෙතත් එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාට එරෙහිව ප්රමාණවත් සාක්ෂි නොමැති බවයි.
 
අදාළ විමර්ශන හේතුවෙන් බෙන් ස්ටෝක්ස් සහ ගස් ඇට්කින්සන් නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහා ක්රීඩා කලේ නැහැ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *