Where the Life Meets Cricket

info@cricketlk.com

LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට

ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලබන 18 වෙනිදා දක්වා මේ සඳහා ලියාපදිංචි විය හැකි බවය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk හරහා මෙම මාර්ගගත ලියාපදිංචිවීමේ අවස්ථාව විවෘතව පවතිනු ඇත.

 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට සැලැසුම් කර තිබේ.

 

ඒ අනුව කොළඹ එස්.එස්.සී සහ ආර්. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ හා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ද තරග සඳහා සත්කාරකත්වය සපයනු ලබයි.

 

මෙම තරගාවලිය ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *