Where the Life Meets Cricket

info@cricketlk.com

LPL ගැන අමුතු කථා රැසක්

LPL 2026 තරගාවලියට සහභාගී වීම අතහැර, ඕස්ට්රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා බංග්ලාදේශ ජාතික කණ්ඩායමට එක්වීමට හසන් මහ්මුද් තීරණය කර තිබේ.
 
නාහිඩ් රනා සහ ශොරිෆුල් ඉස්ලාම් ආබාධවලට ලක්වීමෙන් පසු ලැබුණු හදිසි කැඳවීමට ඔහු ප්රතිචාර දක්වා ඇත්තේ ජාතික වගකීමට මුල් තැන දෙමිනි.
======================================
කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විෂේන් හැලඹගේට දකුණු පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මෙවර එල්පීඑල් තරගාවලියේ ඉතිරි සියලුම තරග අහිමි වී තිබෙනවා.
 
ඔහු මෙම ආබාධයට ලක්ව තිබුණේ පසුගිය 21 වැනිදා දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේදීයි.
 
ආබාධය හේතුවෙන් විෂේන් මේ වනවිට කොළඹට පැමිණ ඇති අතර, සම්පූර්ණ සුවය ලබා නැවත ක්රීඩා පිටියට පැමිණීමේ අරමුණින් පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතයි.
 
මේ සමඟ මෙවර එල්පීඑල් තරගාවලියේ ආබාධ හේතුවෙන් ඉවත් වූ නවතම ක්රීඩකයා ලෙස විෂේන් හැලඹගේ එක්වෙනවා.
 
මීට පෙර කුසල් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ ද ආබාධ හේතුවෙන් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කෙරුණා.
 
එමෙන්ම බිනුර ප්රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද මේ වනවිට ආබාධ තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා.
 
කෙසේ වෙතත්, ඔවුන් තවමත් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් කර නැහැ.
 
විෂේන් හැලඹගේගේ නොපැමිණීම, තරගාවලියේ ඉදිරි තරගවලදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට සැලකිය යුතු පසුබෑමක් වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.
======================================
2026 LPL තරගාවලියේ ඉතිරි තරග සඳහා ක්රීඩා කිරීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් වෙනුවට, අශේන් බණ්ඩාර Colombo KAPS කණ්ඩායමට එක්ව තිබේ.
 
දක්ෂ මැදපෙළ පිතිකරුවෙකු වන අශේන් බණ්ඩාර ට මේ අවස්ථාව තම දක්ෂතා නැවතත් ඔප්පු කිරීමට හොඳ වේදිකාවක්…
======================================
බංග්ලාදේශ වේගපන්දු යවන ක්රීඩක Ripon Mondol, දැනට පැවැත්වෙන Lanka Premier League (LPL) 2026 තරගාවලියේ Colombo Kaps කණ්ඩායම සඳහා Hasan Mahmud වෙනුවට නිල වශයෙන් එක්කර තිබේ.
 
Hasan Mahmud බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ඉදිරි ඕස්ට්රේලියානු සංචාරය සඳහා සූදානම් වීමට LPL තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ මෙම අවස්ථාව Ripon Mondolට හිමිව ඇත.
 
පිටත්ව යාමට පෙර Hasan, Riponට සුබ පැතුම් එක්කරමින් මෙම අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගන්නා ලෙස ද උපදෙස් දී ඇති බව වාර්තා වේ.
 
මෙය Ripon Mondolගේ පළමු විදෙස් Franchise ලීග් අත්දැකීම වන අතර, Colombo Kaps කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ වේගපන්දු දක්ෂතා ජාත්යන්තර වේදිකාවේ ප්රදර්ශනය කිරීමට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස සැලකේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *