2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම මෙම වසරේ මාර්තු මස 22 වනදා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (13) නිළ වශයෙන් නිවේදනය කළා.
පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ LPL තරගාවලිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන කල් දැමීමට සිදුවුණා.
තරගාවලිය ජූලි මස 08 වනදා සිට අගෝස්තු මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.