බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ඔවුන්ගේ විස්සයි20 ලෝක කුසලාන තරඟ ඉන්දියාවෙන් පිටතට ගෙනයාමට කරන ලද ඉල්ලීම සලකා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එකග වී තිබේ.
විශේෂයෙන් අද ඉරිදා දිනයක් බැවින් ICC ය කිසිදු තීරණයක් ගෙන හෝ හමුවී නැත.
නමුත් ඉදිරි දින හෝ දෙකක් තුළ තීරණයක් ගැනීමට ඉඩ තිබේ.
බංග්ලාදේශ තරඟ T20 ලෝක කුසලානයේ සම-සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවට ගෙනයාමට ICC විවෘත බව Cricbuzz වාර්තා කරනවා.
අද (04) , ජාතික කණ්ඩායමේ තරඟ ඉන්දියාවෙන් පිටතට ගෙනයාමට BCB විධිමත් ඉල්ලීමක් කළේය.
බංග්ලාදේශය ඔවුන්ගේ සියලුම ලීග් තරඟ ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නියමිතයි. (03 ක් කොල්කටාහිදී සහ 01 ක් මුම්බායිහිදී).

One Response
Okkoma match tika lankawata dunna nam iwarai ne