Where the Life Meets Cricket

info@cricketlk.com

ICC නැගී එන ජාතීන්ගේ T20 ශූරතාව අපරාජිත ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධානය කළ නැගීඑන ජාතීන්ගේ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අපරාජිතවම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවති අවසන් මහා තරගයේදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

 

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 96ක් පමණි.

 

එම ඉනිමේ ඉහළම ලකුණුලාභිනිය වූ ඇලනා ඩැල්සෙල් පන්දු 25කදී හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබාගත් අතර, සෙසු පිතිකාරිනියන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් ඉඩක් නොලැබුණි.

 

ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 12.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 99ක් ලබාගනිමින් තරගයේ ජය තහවුරු කරගත්හ.

 

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඉමේෂා දුලානි පන්දු 25කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 44ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවූවාය. 


ඇයට අගනා සහයක් දුන් ආරම්භක පිතිකාරිනි සංජනා කාවින්දි ලකුණු 22ක් ලබාගත්තාය.

 

ස්කොට්ලන්තය, පාකිස්තානය, නෙදර්ලන්තය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පැපුවා නිව් ගිනියාව සහ තායිලන්තය යන රටවල සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *