Where the Life Meets Cricket

info@cricketlk.com

ඔස්ට්‍රේලියාවෙන් U19 ලෝක කුසලානයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයන් දෙදෙනෙක්

ICC U19 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කර තිබෙනවා.
 
ICC U19 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියානු පිරිමි සංචිතයට NSW හි නාඩන් කුරේ සහ නිටේෂ් සැමුවෙල් යන ක්‍රීඩකයන් දෙදෙනාවයි මෙලෙස නම්කර ඇත්තේ.
 
ජනවාරි 15 ​​සිට පෙබරවාරි 6 දක්වා නැමීබියාවේ සහ සිම්බාබ්වේ යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 ICC U19 පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසිබ් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
 
මෙම සංචිතයට ඉන්දියානු සම්භවයක් ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකු ද (ආර්යන් ෂර්මා සහ ජෝන් ජේම්ස්), ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ද (නාඩන් කුරේ සහ නිටේෂ් සැමුවෙල්) සහ චීන සම්භවයක් ඇති ඇලෙක්ස් ලී යන්ග් යන ක්‍රීඩකයා ද ඇතුළත්.
 
ඕස්ට්‍රේලියාව වත්මන් ශූරයන් ලෙස තරඟාවලියට පිවිසෙන අතර, ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා ලෙස ඔලිවර් පීක් කටයුතු කරනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *