
Hong Kong Sixes Bowl අදියර ශ්රී ලංකාව ජයගනී
මෙවර Hong Kong Sixes තරගාවලියේ Bowl අදියර ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා.
ඒ අවසන් තරගයේදී UAE කණ්ඩායම ලකුණු 21 කින් පරාජයට පත්කිරීමත් සමඟයි.
තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ UAE කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේදී කඩුලු 02 ක් දැවී ලකුණු 106 ක් රැස්කළා.
ශ්රී ලංකාව වෙනුවෙන් සචිත ජයතිලක ලකුණු 52 ක් රැස්කිරීමට සමත් වුණා.
ජයග්රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය UAE කණ්ඩායමට නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 03 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 85 ක් පමණයි.
ශ්රී ලංකාව වෙනුවෙන් ධනංජය ලක්ෂාන් සහ නිමේෂ් විමුක්ති එක් කඩුල්ල බැගින් බිඳහෙලුවා.
Share This Post
