ඉන්දීය නැගීඑන නවක පිතිකරු වයිබාව් සූර්යවංශි 2025 වසරේදී Google හරහා වැඩිම පිරිසක් සෙවූ ඉන්දීය පුද්ගලයා බවට පත්ව තිබෙනවා.
මේ වනවිට 14 හැවිරිදි වියේ පසුවන සූර්යවංශි පසුගිය IPL තරගවාරයේදී ලොව පුරා ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂකයන් අතර විශේෂ අවධානයක් දිනා ගත්තා.
එහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව වේගවත් ශතකයක් රැස්කිරීමට ද ඔහුට හැකිවුණා.
පසුගියදා නිමාව දුටු නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ඔහු විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළා.
