ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ලබන මස 14 වනදා සිට 17 වනදා දක්වා අබුඩාබි හීදී පැවැත්වෙන IPL වෙන්දේසිය සඳහා ඔහු ඇතුලත් වනු ඇති.
ඔහු මෑත වසර කිහිපය පුරා ආබාධ කිහිපයකට ද ලක්වුණා.
2022 IPL තරගාවලියට පෙර CSK විසින් මිලදී ගෙන 2025 මෙගා වෙන්දේසියට පෙර ඉන්දීය රුපියල් කෝටි 13 කට පතිරණ රඳවා ගෙන තිබිණ.
දෙසැම්බර් 16 වන දින අබුඩාබි හි පැවැත්වෙන වෙන්දේසියේදී පතිරණ නැවත මිලදී ගැනීමේ හැකියාව ඇති බැවින් CSK දැන් ඔහුව නිදහස් කිරීමට තීරණය කර ඇත.
IPL තරඟාවලියේදී පතිරණ ක්‍රීඩා කළ එකම කණ්ඩායම CSK වන අතර, වාර තුන තුළ ඔහුගේ සමස්ත කඩුලු සංඛ්‍යාව තරඟ 32 කදී කඩුලු 47 ක් වන අතර ළකුණු සාමාන්‍යය 21.61 ක් සහ economy 8.68 කි.
