Where the Life Meets Cricket

info@cricketlk.com

මතීෂ වෙනුවට වනිඳු යළි සංචිතයට එයිද?

මතීෂ වෙනුවට වනිඳු යළි සංචිතයට එයිද? මතීෂ පතිරණට බොහෝදුරට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත් වීමට සිදුව ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා. ඒ පසුගියදා පැවති ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ දී පන්දු යවමින් සිටිය දී ආබාධයකට ලක්වීමයි. මතීෂ ගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ මාංශපේෂී ආශ්‍රිතව මෙම ආබාධය ඇතිවී තිබෙනවා. කෙසේවෙතත්, ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් […]

ඔස්ට්‍රේලියාව ඉවතට

ඔස්ට්‍රේලියාව ඉවතට වර්ෂාව හේතුවෙන් සිම්බාබ්වේ – අයර්ලන්ත තරගය අත්හැර දැමීමට තීරණය කිරීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයෙන් සුපිරි 08 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගැනීමට අද (17) සමත් වුණා.   ඒ අනුව, B කාණ්ඩයෙන් සුපිරි 08 දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම වන්නේ සිම්බාබ්වේ යි.   මේ […]

ඉම්රාන් ඛාන්ට සහාය පළ කිරීමට හිටපු නායකයින් 14 දෙනෙකු එක්වෙයි

ඉම්රාන් ඛාන්ට සහාය පළ කිරීමට හිටපු නායකයින් 14 දෙනෙකු එක්වෙයි ලොව පුරා සිටින හිටපු ජාත්‍යන්තර නායකයින් 14 දෙනෙකු පකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත ලිපියක් ලියා ඇත.   හිටපු නායක ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන දැඩි කනස්සල්ල පළ කරමින් සහ ඔහුට “ගෞරවයෙන් සහ මූලික මානව සැලකිල්ලෙන්” සලකන ලෙස ඉල්ලා ඇත.   ඉම්රාන්ගේ පවුලේ අය පැවසූ පරිදි, බන්ධනාගාරයේ […]

ඔස්ට්‍රේලියාව පරදවමින් ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 08 වටයට

ඔස්ට්‍රේලියාව පරදවමින් ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 08 වටයට ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 08 කින් පරාජයට පත්කරමින් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයෙන් සුපිරි 08 දෙනාගේ තරග වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) සමත් වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අවසරයෙන් […]

 ස්ටීව් ස්මිත් පන්දුවාර 20 ලෝක කුසලානයට

ස්ටීව් ස්මිත් පන්දුවාර 20 ලෝක කුසලානයට එයි ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීව් ස්මිත් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා සංචිතයට අද (16) ඇතුළත් කර තිබෙනවා. ඒ ආබාධයකට ලක්වූ ජොශ් හේසල්වුඩ් වෙනුවටයි. ඊට තරගාවලියේ තාක්ෂණික කමිටුවේ නිළ අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව, බොහෝදුරට ඔහු අද පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගයට ක්‍රීඩා කිරීමට […]

බලාපොරොත්තු රැසක් මැද ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා අද තරග බිමට

බලාපොරොත්තු රැසක් මැද ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අද තරග බිමට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තීරණාත්මක තරගයක් අද (16) ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනවා. මෙම තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයගත යුතු අතර යම් හෙයකින් ඔස්ට්‍රේලියාව මෙම තරගයෙන් පරාජයට පත්වුවහොත් නිසැකවම […]

ලොව පුරා අවධානය දිනාගත් ක්‍රිකට් ගැටුමේ ජය ඉන්දියාවට

ලොව පුරා අවධානය දිනාගත් ක්‍රිකට් ගැටුමේ ජය ඉන්දියාවට මෙවර පන්දුවාර 20 තරගාවලියේ ලොව පුරා ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානයක් දිනාගත් ඉන්දු – පකිස්ථාන තරගයෙන් ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අතිවිශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පකිස්ථානය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ […]

ඉන්දු – පකිස්තාන සටන බලන්න ජනපති අනුරත් එක්වෙයි

ඉන්දු – පාකිස්තාන සටන බලන්න ජනපති අනුරත් එක්වෙයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද පැමිණියේය.   ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් පාලක සභාපතිවරයා ද වන මොහ්සින් නක්වි මහතාද ජනාධිපතිවරයා සමග තරගය නැරඹීම සඳහා එක්ව සිටියි.   එමෙන්ම මෙම අවස්ථාවට […]

පකිස්ථානය සහ ඉන්දියාව අදත් අතට අත නොදෙයි

පකිස්ථානය සහ ඉන්දියාව අදත් අතට අත නොදෙයි පකිස්තානය වෙනුවෙන් කාසියේ වාසිය දිනාගත් සල්මන් ආගා, මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය.   ඉන්දිය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන බවයි.   සැප්තැම්බර් මාසයේ ආසියානු කුසලානයේ සිට සිදු වූ පරිදි, නායකයින් කාසියේ වාසිය ලබා දීමේදී අතට අත දුන්නේ නැත.   ඉන්දියාව: 1 ඉෂාන් කිෂාන් (කඩුල්ල), […]

ඉන්දු – පකිස්ථාන තරගයට වැස්ස හරස්වන ලකුණු ?

ඉන්දු – පකිස්ථාන තරගයට වැස්ස හරස්වන ලකුණු ? බෙංගාල බොක්කෙහි අඩු පීඩන පද්ධතියක් වර්ධනය වන බවට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති අතර, එමඟින් ඉරිදා සවස පැවැත්වෙන ඉන්දියා – පකිස්ථාන ලෝක කුසලාන තරගයට බාධා කළ හැකි වැසි ඇතිවීමේ අවදානමක් පෙන්නුම් කරයි. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය පිහිටා ඇති කොළඹ ඛෙත්තාරාම ප්‍රදේශයේ ඉරිදා කාලගුණ අනාවැකියට අනුව, දවස […]