එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙලෙස නම්කර ඇත. දෙරට අතර එක්දින තරගාවලිය පෙබරවාරි 22, 24 හා 27 දිනවල පැවැත්වෙන […]
T20 ලෝක කුසලානය හෙට දිවයිනට

T20 ලෝක කුසලානය හෙට දිවයිනට 2026 වසරේ පැවැත්වීමට නියමිත ICC විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලොව පුරා සංචාරය කරන ලෝක කුසලාන කුසලානය හෙට (21) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතයි. ඒ අනුව, ජනවාරි 21 සිට 24 දක්වා දින හතරක් පුරා මෙම කුසලානය දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම, මෙම කුසලාන සංචාරය නිල වශයෙන් […]
T20I ලෝක කුසලානය ආසන්නයේ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් රැසකට ආබාධ ?

T20I ලෝක කුසලානය ආසන්නයේ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් රැසකට ආබාධ ? දකුණු අප්‍රිකා පිතිකරු ඩේවිඩ් මිලර් සැක සහිත ආබාධ තත්වයකට (Groin Injury) ගොදුරු වී තිබෙනවා. ඒ ඊයේ SA20 තරගාවලියට සමගාමීව ඊයේ පැවති Joburg Super Kings කණ්ඩායමට එරෙහි තරගයේදීයි. එම තරගයේ 16 වන පන්දු වාරයේ පන්දු රැකීමේ නිරතවෙමින් සිටි මිලර් එහිදී මෙම ආබාධයට ගොදුරු වී තිබුණා. ඒ හේතුවෙන් ඔහු පන්දුවට […]
T20 ලෝක කුසලානයට බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ?

T20 ලෝක කුසලානයට බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ? 2026 විස්සයි 20 ලෝක කුසලානය සහ ඉන්දීය සංචාරය සඳහා බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වන දින ගනු ඇතැයි ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි. ඉකුත් සතිය පුරා ඩකා නුවරදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය අතර දෙවන වටයේ සාකච්ඡා අතරතුර මෙම අවසාන දිනය […]
ශ්‍රී ලංකාවේ මලින්ද පුෂ්පකුමාර කඩුලු 1000 සමාජයට එක්වෙයි

ශ්‍රී ලංකාවේ මලින්ද පුෂ්පකුමාර කඩුලු 1000 සමාජයට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 1000ක් ලබාගත් සිව්වන ශ්‍රී ලාංකිකයා බවට පත්ව ඇත. මුත්තයියා මුරලිදරන් (1374), රංගන හේරත් (1080) සහ දිනුක හෙට්ටිආරච්චි (1001) ගේ අඩිපාරේ යමින් ඔහු මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය. 38 හැවිරිදි පුෂ්පකුමාර අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2018 […]
පකිස්තානයත් තීරණයක් ගන්න සැරසෙයි – බංග්ලාදේශ අවසන් තීරණය ජනවාරි 21 ට පෙර

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යනවාද ? නැද්ද ?… පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වනවිට දැනුම්දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශයට දැනුම්දී ඇත. බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හා ICC නියෝජිතයන් අතර ඊයේ (17) ඩකාහිදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මේ බව දැනුම්දී තිබේ. මෙම සාකච්ඡාවේ දී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ICC නියෝජිත මණ්ඩලයට දැනුම්දී […]
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්වාර පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්වාර පුහුණුකරුවෙක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්වාර පුහුණුකරුවෙක් පත්කර තිබෙනවා. මෙලෙස අන්තර්වාර පුහුණුකරු ලෙස පත්කර ඇත්තේ හිටපු ක්‍රීඩක සම්පත් පෙරේරා යි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මීට පෙර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රොමේෂ් රත්නායක ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු තවමත් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙක් පත්කර නැහැ. Share This Post Post […]
එංගලන්ත ODI තරගාවලියට වනිඳු නෑ?

එංගලන්ත ODI තරගාවලියට වනිඳු නෑ? එංගලන්තයට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා (22) ආරම්භ වන එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඇතැම් විට විවේක ගැන්වෙනු ඇති බවට ක්‍රිකට් වාර්තා අනාවැකි පළ කරනවා. කෙසේවෙතත්, පන්දුවාර 20 තරගාවලිය සඳහා ඔහු නිසැකවම ක්‍රීඩා කරනු ඇති බවටයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. […]
බංග්ලාදේශය “C” කාණ්ඩයෙන් “B” කාණ්ඩයට සුහද මාරුවක් ඉල්ලයි

බංග්ලාදේශය “B” කාණ්ඩයෙන් “C” කාණ්ඩයට සුහද මාරුවක් ඉල්ලයි ICC පිරිමි පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවත් නොවීමට තමන් දැනට සිටින C කාණ්ඩයේ සිට B කාණ්ඩයට මාරු කරන්නැයි බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අද (17) ඩකා හීදී ICC නියෝජිතයන් මුණගැසුණු අවස්ථවේදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ. මෙම හුවමාරුව වෙනුවෙන් දැනට […]
U19 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකුගෙන් ලෝක වාර්තාවක්

U19 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකුගෙන් ලෝක වාර්තාවක් ICC වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජපානයට එරෙහි තරගයේදී ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ යුගලය වන දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත සමත් වුණා. ඒ යොවුන් එක්දින ක්‍රිකට් තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගනිමිනි. එහිදී […]