Where the Life Meets Cricket

info@cricketlk.com

“අපි නොසැළකිලිමත්ව සෙල්ලම් කලේ”

“අපි නොසැළකිලිමත්ව සෙල්ලම් කලේ” ඊයේ (20) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගයෙන් ලැබූ දරුණු පරාජයෙන් පසු මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක දැක්වූ අදහස්. ඇත්ත වශයෙන්ම, එය දුෂ්කර එකක් වුණා. මම හිතන්නේ ආරම්භයේ සිටම අපිට අරමුණක් තිබුණේ නැහැ. සිම්බාබ්වේ පන්දු යවන්නන්ට ගෞරවය හිමිවනවා. ඔවුන් ඇත්තෙන්ම හොඳින් පන්දු යැව්වා. අපි නොසැලකිලිමත් නොවී ටිකක් වැඩි අදිටනක් […]

“මෙහේ හරිම සීතලයි – ඉදිරිපෙළ පිතිකරුවන් ඉදිරියට ගියේ නෑ”

“මෙහේ හරිම සීතලයි – ඉදිරිපෙළ පිතිකරුවන් ඉදිරියට ගියේ නෑ”   පකිස්ථාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වූයේ සත්කාරක පකිස්ථානයට 3-0 ක ජයක් ගෙන දෙමින්. මේ ඊයේ (16) තරගයෙන් අනතුරුව නායකයන් දෙපළ – තරගයේ හා තරගාවලියේ වීරයා දැක්වූ අදහස්. පකිස්ථාන නායක ෂහීන් අෆ්රිඩි – තරගාවලිය ජයග්‍රහණය කිරීම ගැන ඇත්තටම සතුටුයි. හැමෝම හොඳ කාර්යභාරයක් ඉටු […]

“මම වැරදි වැඩක් කලා නම් අවුරුදු 16 ක් එකම තනතුරේ ඉන්නේ කොහොමද ?”

“මම වැරදි වැඩක් කලා නම් අවුරුදු 16 ක් එකම තනතුරේ ඉන්නේ කොහොමද ?”   “මම මගේ රැකියාවේ නරක කෙනෙක් නම් හෝ යම් වැරැද්දක් කළා නම්, මට අවුරුදු 16ක් බංග්ලාදේශයේ කියුරේටර් ලෙස රැඳී සිටිය නොහැකියි. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මගේ වැඩ ගැන සෑහීමකට පත් වූ නිසා මට එහි රැඳී සිටීමට හැකි වුණා.” මෙලෙස පවසන්නේ වසර 16 […]

“පසුගිය කාලය පුරාවට අපි හොඳින් ක්‍රීඩා කලා – පකිස්ථාන තරගාවලිය දිනනවා”

“පසුගිය කාලය පුරාවට අපි හොඳින් ක්‍රීඩා කලා – පකිස්ථාන තරගාවලිය දිනනවා” පකිස්ථානයට එරෙහි තරගාවලිය ජය ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා. මෙය අභියෝගාත්මත තරගාවලියක් බවයි ඔහු කියාසිටියේ. පකිස්තානයේ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (08) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකාව මෙහිදී පකිස්තානය සමග එක්දින තරග 3 කට එක්වීමට […]

“මට පන්දු යවන්න දුන්නොත් මම ඕවර දහයක්ම යවන්නම්”

“මට පන්දු යවන්න දුන්නොත් මම ඕවර දහයක්ම යවන්නම්” කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පළමුවරට ඉන්දියාවට දිනා දීමට ප්‍රමුක කාර්‍යක් ඉටුකළ ශෆාලි වර්මාගේ විශිෂ්ඨත්වය පිළිබඳ තරගයෙන් අනතුරුව ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් විශේෂ සඳහනක් කර තිබුනා. ශෆාලි වර්මා ආරම්භක පිතිකාරිණිය ලෙස ලකුණු 87ක් රැස් කල අතර, ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ප්‍රබල පිතිකාරිණියන් දෙදෙනෙක් කෙටි වෙලාවක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට […]

එංගලන්‍ත නායකයා පරාජයට හේතු කියයි

එංගලන්‍ත නායකයා පරාජයට හේතු කියයි නවසීලන්තයට එරෙහිව මෑත කාලීනව ලැබූ ක්‍රිකට් තරග පරාජයන් පිළිබඳ අතිශය කණගාටුවට පත්වන බව එංගලන්ත නායක හැරී බෲක් පවසනවා. ඔහුගේ නායකත්වය යටතේ මේ වනවිට එංගලන්තය එක්දින තරගාවලි 06 ක් පරාජය වී අවසන්. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් අඛණ්ඩව පසුබෑමට ලක්වීමයි. කෙසේවෙතත්, ටෙස්ට් තරගවලදී කණ්ඩායම කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි එංගලන්ත […]

කණ්ඩායමේ අඩුපාඩු හෙළිකරන ඉන්දීය T20 නායකයා

කණ්ඩායමේ අඩුපාඩු හෙළිකරන ඉන්දීය T20 නායකයා ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයට පෙර සිය කණ්ඩායමේ වර්ධනය කරගත යුතු අංශ කිහිපයක් පවතින බව ඉන්දීය විස්සයි විස්ස නායක සූර්යකුමාර් යාදව් පවසනවා. ක්‍රිකට් වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ විශේෂයෙන් උඩපන්දු අත්හැරීම වළක්වා ගැනීමට වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. ලොව හොඳම පන්දු රකින්නන් සහිත […]

අවුරුදු 40 ක වාර්තාවක් බිඳදැමූ ඉතාලි ක්‍රිකට් පුහුණුකරු

අවුරුදු 40 ක වාර්තාවක් බිඳදැමූ ඉතාලි ක්‍රිකට් පුහුණුකරු අද අප සමඟ සාකච්ඡාවට එක්වන්නේ ඉතාලියේ රෝයල් පාදුවා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු මනෝජ් රොද්‍රිගෝ මහතා. 01. පළමුවෙන්ම ඔබේ වත්මන් කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්? මේ වනවිට මගේ මූලික කාර්යභාරය තමයි රෝයල් පාදුවා ක්‍රීඩා සමාජයේ තරුණ ක්‍රීඩකයින්ගේ (Junior Cricketers) ප්‍රවර්ධනය වෙනුවෙන් සහ රෝයල් පාදුවා ක්‍රීඩා සමාජයේ අභිවෘද්ධිය තකා […]

B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ?

B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ? මෙවර ආසියානු කුසලානයේදී B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ඉදිරි වටයට සුදුසුකම් ලබන බව ප්‍රවීණ විස්තර විචාරක රසල් ආනල්ඩ් අනාවැකි පළ කරනවා. ඔහු මේ බව සඳහන් කරන්නේ ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි. ආසියානු කුසලානයේ මූලික වටයේ තරගවලදී ඉන්දියාව සහ පකිස්තානය A කාණ්ඩයෙන් ඉදිරියට යනු ඇති […]

හොංකොං පුහුණුකරු ධූරය භාරගත් කෞෂාල් සිල්වා

හොංකොං පුහුණුකරු ධූරය භාරගත් කෞෂාල් සිල්වා ආසියානු කුසලානය අඩුවෙන්ම වැරදි කරන කණ්ඩායමට   මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලබන්නේ අඩුවෙන්ම වැරදි සිදුකරන කණ්ඩායම බව හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කෞෂාල් සිල්වා පවසනවා. ඇතැම් විට හොංකොං කණ්ඩායමට වුවද එම අවස්ථාව උදාවිය හැකි බව ඔහු අවධාරණය කරනවා. මීට සති දෙකකට ඉහතදී හොංකොං පුහුණුකරු ධූරය භාරගත් කෞෂාල් සිල්වා මෙම […]