Where the Life Meets Cricket

info@cricketlk.com

Boxing Day ටෙස්ට් තරගයට ඔස්ට්‍රේලියාවෙන් වෙනස්කම් රැසක්

සුප්‍රකට බොක්සිං දින ටෙස්ට් තරගය සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියා සංචිතය අද (23) ප්‍රකාශයට පත් කළා.
 
ඒ අනුව එම සංචිතයෙන් ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් සහ දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් ඉවත්කර තිබෙනවා.
 
ඔවුන් දෙදෙනා වෙනුවට ඔස්ට්‍රේලියා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක Jhye Richardson සග දඟ පන්දු යවන ක්‍රීඩක Todd Murphy එක්කර තිබෙනවා.
 
ඒ අනුව, සුප්‍රකට බොක්සිං දින ටෙස්ට් තරගයේ නායකත්වය හිමිව ඇත්තේ ස්ටීව් ස්මිත් වෙතයි.
 
Jhye අවසන් වරට ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකර ඇත්තේ 2021 දෙසැම්බර් මාසයේදී වීම ද විශේෂත්වයක්.
 
මෙවර බොක්සිං දිනයට සමගාමීව පැවැත්වෙන්නේ අළුබදුන හතරවන ටෙස්ට් තරගයයි.
 
එය මෙවර පැවැත්වෙන්නේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
 
බොක්සිං දින ටෙස්ට් තරගය සඳහා මෙවරත් වාර්තාගත ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කෙරෙනවා.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *