
Bowl වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන්වන තරගයෙන් ලකුණු 48 ක විශිෂ්ට ජයක්
මෙවර Hong Kong Sixes තරගාවලියේ Bowl තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වන තරගයෙන් ලකුණු 48 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේදී කිසිවෙකු නොදැවී ලකුණු 138 ක් රැස්කළා.
මෙවර Bowl තරග වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු මධුසංක සහ ළහිරු සමරකෝන් ලකුණු 52 බැගින් රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 03 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 90 ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු සමරකෝන් කඩුලු 02 ක් ද ළහිරු මධුසංක එක් කඩුල්ලක් ද බිඳහෙලුවා.
ඒ අනුව, Bowl තරග වටයේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව UAE කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.15 ට තරග බිමට පිවිසීමට නියමිතයි.
Share This Post
