
ලොව ප්රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.
මෙහි පළමු පියවර ලෙස මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ සම්පූර්ණ හිමිකාරීත්වය පෞද්ගලික ආයෝජකයෙකුට ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතයි.
ක්‍රිකට් ඔස්ට්‍රේලියා සැලසුම අනුව 2027–28 බිග් බෑෂ් තරග වාරය වන විට රෙනෙගේඩ්ස් කණ්ඩායම නව පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.
මෙය බිග් බෑෂ් ලීග් තරගාවලියේ ව්‍යුහය වෙනස් කරන ඓතිහාසික පියවරක් ලෙස සැලකෙනවා.
ඉදිරියේදී අනෙකුත් කණ්ඩායම් සඳහාද පෞද්ගලික ආයෝජනයට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට එක් එක් ප්‍රාන්ත ක්‍රිකට් ආයතනවලට අවස්ථාව ලැබෙන නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
මේ සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් හිමිකරුවන් ඇතුළු විශාල ජාත්‍යන්තර ආයෝජකයන්ටත් බිග් බෑෂ් කණ්ඩායමක හිමිකාරීත්වය ලබාගැනීමට අවස්ථාවක් විවෘත විය හැකියි.
විශේෂයෙන්ම බිග් බෑෂ් ලීග් තරගාවලියට ලෝකයේ අනෙකුත් ප්‍රධාන විස්සයි විස්ස ලීග් සමඟ වඩාත් තරගකාරී මට්ටමකට පැමිණීමට මෙම පෞද්ගලික ආයෝජන ක්‍රමය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
