Where the Life Meets Cricket

info@cricketlk.com

BBL වාර්තා අලුත් කරමින් විශිෂ්ට ජයක් ලැබූ Brisbane Heat

මෙවර BBL තරගාවලියේ 06 වන තරගයෙන් Perth Scorchers කණ්ඩායම පරදා කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Brisbane Heat කණ්ඩායම අද (19) සමත් වුණා.
 
එහිදී ක්‍රිකට් වාර්තා රැසක් අලුත් වී තිබීම ද විශේෂත්වයක්.
 
විස්සයි විස්ස තරගයකදී (T20s) කණ්ඩායමක් හඹාගොස් ජය ලැබූ තුන්වන හොඳම අවස්ථාව ලෙසට මෙය වාර්තා අතරට එක්වුණා. (ලකුණු 258)
 
BBL තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද මෙම තරගයේදී වාර්තා වුණා. (36 Sixers) 
 
BBL තරගයකදී පිතිකරුවන් දෙදෙනෙකු විසින් ගොඩනැගූ හොඳම ලකුණු සබදතාවය ද මෙහිදී සනිටුහන් වුණා. (ලකුණු 212) 
 
BBL තරගයකදී පිතිකරුවන් දෙදෙනෙකු ශතක වාර්තා කළ පළමු අවස්ථාව ද මෙයයි.
 
එමෙන්ම විස්සයි විස්ස තරගකදී (T20s) ලකුණු හඹායන අවස්ථාවකදී පිතිකරුවන් දෙදෙනෙකු ශතක රැස්කළ පළමු අවස්ථාව ලෙසට ද මෙය වාර්තා අතරට එක් වුණා.

Share This Post

Post a comment

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More