
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 2027 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා.
ක්‍රීඩකයන් දෙදෙනාම ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් වීමට නියමිතයි.
මෙවර වෙන්දේසිය සඳහා ඉන්දීය ක්‍රීඩකයන් 939 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයන් 281 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයන් 1,220 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.
කෙසේ වෙතත්, කණ්ඩායම් 10ටම ලබාගත හැකි ක්‍රීඩක ස්ථාන සංඛ්‍යාව 66ක් පමණයි. ඒ අතරින් විදෙස් ක්‍රීඩකයන් සඳහා වෙන්ව ඇත්තේ ස්ථාන 25ක්.
එංගලන්ත හිටපු නායක බෙන් ස්ටෝක්ස් ද රුපියල් කෝටි 2ක ඉහළම මූලික මිල යටතේ වෙන්දේසියට ලියාපදිංචි වී සිටින ප්‍රධාන ක්‍රීඩකයෙක්.
පසුගිය IPL තරග වාරයෙන් පසුව සිය කණ්ඩායම් විසින් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හයදෙනා අතරට මතීෂ සහ වනිඳුට අමතරව පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, දිල්ෂාන් මධුශංක සහ දුෂ්මන්ත චමීර ද ඇතුළත්.
2027 IPL කුඩා වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා ඉන්දියාවේ ගෝවාහිදී පැවැත්වීමට නියමිතයි.
අවසන් වෙන්දේසි ලැයිස්තුවට ක්‍රීඩකයන් එක් කිරීම සඳහා කණ්ඩායම්වලට නොවැම්බර් 27 වැනිදා දක්වාත්, තමන් කැමති ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 1 වැනිදා දක්වාත් කාලය ලබාදී තිබෙනවා.
