Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අමිහිරිම වාර්තාවක් ! 9 වැනි ස්ථානයට ඇද වැටෙයි

පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා. 😔
 
විශේෂත්වය වන්නේ ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හඳුන්වා දීමෙන් පසුව ශ්‍රී ලංකාව වාර්තා කළ පහළම ස්ථානය මෙය වීමයි. 
 
කලක් ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ප්‍රබල කණ්ඩායමක් ලෙස නමක් දිනා සිටි ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින මෙම තත්ත්වය ක්‍රිකට් රසිකයන්ටත් දැඩි කනස්සල්ලක් ගෙන දෙනවා.
 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු  8 කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (20) සමත්වුණි.

 

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 – 0ක් ලෙස ජයගත්තේ පාකිස්තාන කණ්ඩායමයි.

 

රාවල්පිණ්ඩි හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තාන නායකයගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 98ක් පමණි.

 

පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස්කිරීමට සමත්විය.

 

පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 227ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 309ක් රැස්කරගෙන සිටියේය.

 

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු අද උදෑසන දැවීයාමත් සමග ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 316කට සීමා වුණි.

 

දෙවන ඉනිමේදී ශ්‍රි ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක නොදැවී ලකුණු 66ක් රැස්කළ අතර සොනාල් දිනූෂ ලකුණු 54යි.

 

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තානයට ලකුණු 90ක පහසු ඉලක්කයක් හිමිවුණි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *