
2028, 2030 සහ 2032 යන වසරවල පැවැත්වීමට නියමිත මීළඟ T20 ලෝක කුසලාන තරගාවලි තුනම දකුණු අප්
රිකාව, එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්
රේලියාව යන SENA කලාපයේ රටවල පැවැත්වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

2028 T20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්
රේලියාවේ සහ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත අතර, 2030 තරගාවලිය එංගලන්තය කේන්ද්
ර කරගනිමින් අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ සහයෝගයෙන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර 2032 T20 ලෝක කුසලාන තරගාවලිය එම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරනවා.

2032 තරගාවලියේ සත්කාරකත්වය ICC විසින් තවමත් නිල වශයෙන් ප්
රකාශයට පත් කර නැහැ. නමුත් එම තරගාවලිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට සැලසුම් කර තිබීම හේතුවෙන් දකුණු අප්
රිකාවට සත්කාරකත්වය හිමිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව ක්
රිකට් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

එය එසේ වුවහොත් 2028, 2030 සහ 2032 යන මීළඟ T20 ලෝක කුසලාන තරගාවලි තුනම SENA කලාපයේ පැවැත්වෙනු ඇති.

එසේ වුවහොත් ආසියානු රටවලට මීළඟ T20 ලෝක කුසලාන තරගාවලි තුනේම සත්කාරකත්වය අහිමි වනු ඇති!