Where the Life Meets Cricket

info@cricketlk.com

IPL 2027ට පෙර දැවැන්ත ක්‍රීඩක හුවමාරුවක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා 2027 IPL තරගාවලියට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එක්වීමට නියමිත බවට වාර්තා පළවී තිබෙනවා.

මෙම ක්‍රීඩක හුවමාරුවේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්වීමට නියමිතයි.

වාර්තා වන ආකාරයට කණ්ඩායම් දෙකම මෙම හුවමාරුව සම්බන්ධයෙන් BCCI වෙත සිය කැමැත්ත දැනුම් දී ඇති අතර, අවශ්‍ය ලේඛන කටයුතු අවසන් කිරීමෙන් පසු නිල තහවුරු කිරීම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

මෙම ගනුදෙනුව සිදුවුවහොත් හර්දික්ගේ මුම්බායි ඉන්දියන්ස් සමඟ දෙවැනි ගමන අවසන් වන අතර, අර්ෂ්දීප්ගේ පැමිණීම මුම්බායි කණ්ඩායමේ වේග පන්දු බලඇණියටත් විශාල ශක්තියක් වනු ඇති.

තවත් විශේෂත්වයක් වන්නේ රෝහිත් ශර්මා නැවතත් මුම්බායි ඉන්දියන්ස් නායකත්වයට පත්වීමට නියමිත බවටත් වාර්තා පළවීමයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *