2027 ICC එක්දින ක්
රිකට් ලෝක කුසලාන තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත දැවැන්ත තරගය වෙනුවෙන් මේ වනවිට ටිකට්පත් ඉල්ලුම් මිලියන 8.4කට ආසන්න සංඛ්
යාවක් ලැබී තිබෙනවා.

මෙම ප්
රබල ප්
රතිවාදීන් දෙපිල ලබන වසරේ ඔක්තෝබර් 10 වැනිදා දකුණු අප්
රිකාවේ ජොහැන්නස්බර්ග්හි පිහිටි වොන්ඩරර්ස් ක්
රීඩාංගණයේදී එකිනෙකා මුණගැසීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම තරගය නැරඹීම සඳහා ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ පවතින උනන්දුව කෙතරම්ද යන්න පැහැදිලි වන්නේ ප්‍රේක්ෂකයන් 34,000කට පමණක් පහසුකම් සැලසිය හැකි ක්‍රීඩාංගණයක පැවැත්වෙන මෙම තරගය වෙනුවෙන් මිලියන 8.4කට ආසන්න ටිකට්පත් ඉල්ලුම් ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟයි.
ඒ අනුව, ලෝක ක්
රිකට් පිටියේ වඩාත්ම උණුසුම් සහ අවධානය දිනාගත් ප්
රතිවාදීත්වයක් වන ඉන්දියා – පාකිස්තාන ගැටුම වෙනුවෙන් ලොව පුරා ක්
රිකට් ප්
රේක්ෂකයන් තුළ පවතින උන්මාදය නැවතත් මනාව ප්
රදර්ශනය වී තිබෙනවා.



ලබන වසරේදී දකුණු අප්
රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත එක්දින පිරිමි ලෝක කුසලාන ක්
රිකට් තරගාවලිය පිළිබඳව ලොව පුරා විසිරී සිටින ප්
රේක්ෂකයන් දැඩි උනන්දුවකින් පසුවනවා.

එවැනි පසුබිමක් තුළ නොවැම්බර් 01 වැනිදා වනවිට රටවල් 193ක් නියෝජනය කරමින් මිලියන 120කට වැඩි ප්
රවේශපත්
ර ඉල්ලීම් සංඛ්
යාවක් මාර්ගගත (Online) ක්
රමවේදය හරහා ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය, ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ප්රේක්ෂකයන්ගෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා වැඩි උනන්දුවක් පවතින බවයි වාර්තා වන්නේ.
ප්
රේක්ෂකයන්ට නොවැම්බර් 21 වැනිදා දක්වා ප්
රවේශපත්
ර මිලදී ගැනීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමිව තිබෙනවා.


මේ අතර, 2027 එක්දින ලෝක කුසලාන ක්
රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගය මේ වනවිට ප්
රේක්ෂකයන් අතර අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

ලබන වසරේ ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට නියමිත මෙම තරගය සඳහා මිලියන 8.3ක ප්‍රවේශපත්‍ර ඉල්ලීම් ප්‍රමාණයක් මාර්ගගත ක්‍රමවේදය (Online) හරහා සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
කෙසේ වෙතත්, මෙම තරගය පැවැත්වීමට නියමිත ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගණයේ උපරිම ප්‍රේක්ෂක ධාරිතාව ලෙස සටහන් වන්නේ 34,000ක් පමණයි.
ප්
රේක්ෂකයන් 34,000කට පමණක් සහභාගී විය හැකි ක්
රීඩාංගණයක පැවැත්වෙන තරගයක් නැරඹීම සඳහා මිලියන 8.3කට ආසන්න ප්
රවේශපත්
ර ඉල්ලීම් ප්
රමාණයක් ලැබී තිබීම සැබැවින්ම විශේෂත්වයක්.
