Where the Life Meets Cricket

info@cricketlk.com

වාර්තාවක් සමඟින් සිංහයෝ අවසන් මහා තරගයට

පාකිස්තානය පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

 

දිල්ශාන් මදුසංකගේ විශිෂ්ට පන්දු යැවීම අද තරගයේ කැපී පෙනෙනම දස්කමක් වුණා.

 

ඔහු පන්දුවාර 8.3කදී ලකුණු 34කට කඩුලු 5ක් දවාගනිමින් පාකිස්තාන පිතිකරණ බලඇණියට දැඩි පීඩනයක් එල්ල කළා. 

 

පාකිස්තානය පන්දුවාර 25.3කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 110ක් පමණයි.

 

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරග ඉතිහාසයේ පාකිස්තානය වාර්තා කළ පස්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙය සඳහන් වෙනවා. 

 

මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

 

තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තෝබර් 31 වැනිදා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *