
ශ්රී ලංකා කාන්තා ක්රිකට් නායිකා චමරි අතපත්තු මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) තරගාවලිය සඳහා හොබාර්ට් හරිකේන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා. ![]()
![]()
ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වූ එංගලන්ත ක්රීඩිකා ඩැනී වයට් වෙනුවට චමරි අතපත්තු කණ්ඩායමට එක්කර ගැනීමට හොබාර්ට් හරිකේන්ස් කළමනාකාරිත්වය පියවර ගෙන තිබෙනවා. ![]()
![]()
ජාත්යන්තර ක්රිකට් පිටියේ තම පිතිකරණ දක්ෂතා නැවත නැවතත් ප්රදර්ශනය කළ චමරිට, මෙවර WBBL තරගාවලියේදීත් සිය දක්ෂතා පෙන්වීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇති. ශ්රී ලංකා ක්රිකට් රසිකයන්ගේ බලාපොරොත්තුව වන්නේ හොබාර්ට් හරිකේන්ස් වෙනුවෙන් චමරිගෙන් තවත් සුපිරි ඉනිම් දැකගැනීමයි. ![]()
![]()
කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලිය ඔක්තෝබර් 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ![]()
![]()
