
ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර ක්රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්රී ලංකා ‘A’ කණ්ඩායමේ 51 හැවිරිදි හිටපු ක්රීඩකයෙකුට කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බ්රෝඩ්මැඩෝස් මහේස්ත්රාත් අධිකරණය වරදකරු බවට තීන්දු කර තිබෙනවා.
අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු අනුව, 2025 ජනවාරි 26 වැනිදා සන්බරි ප්රදේශයේදී අදාළ කාන්තාවගේ අවසරයකින් තොරව ඇයගේ ඉණ ප්රදේශයෙන් අල්ලා බෙල්ල සිපගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.
විත්තිකරු එම චෝදනා ප්රතික්ෂේප කරමින් නඩු විභාගයක් ඉල්ලා සිටියද, සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය ඔහු වරදකරු බවට තීන්දු කර තිබෙනවා.
වින්දිත කාන්තාව අධිකරණයට ඉදිරිපත් කළ ප්රකාශයේදී, මෙම සිදුවීමෙන් පසු තමන් දැඩි මානසික පීඩනයකට සහ අනාරක්ෂිතභාවයකට මුහුණ දුන් බව සඳහන් කර තිබුණා. එමෙන්ම, අනෙක් පුද්ගලයන් සමඟ සමීපව කටයුතු කිරීමේදී පවා බියක් සහ චකිතයක් ඇති වූ බව ඇය ප්රකාශ කර තිබෙනවා.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩැනියෙල් සාලා අධිකරණයට පවසා තිබුණේ මෙම සිදුවීම ක්ෂණිකව සිදු වූ අත්වැරැද්දක් බවයි.
විත්තිකරු ඕස්ට්රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු වන අතර, මෙම නඩු තීන්දුව ඔහුගේ ව්යාපාරයට සහ වීසා තත්ත්වයට බලපෑ හැකි බවත්, මීට පෙර වැරදි සම්බන්ධ ඉතිහාසයක් නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දී තිබුණා.
කෙසේ වෙතත්, පොලිස් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ප්රධාන ජ්යෙෂ්ඨ කොස්තාපල් සැලී මැනල් අධිකරණයට පවසා තිබුණේ විත්තිකරු පසුතැවීමක් ප්රකාශ කර නොමැති බවයි.
ක්රිකට් ක්ෂේත්රයේ පසුබිම අනුව, විත්තිකරු වසර දහයකට පෙර ඕස්ට්රේලියාවට සංක්රමණය වූ දෙදරු පියෙකු වන අතර, එරට දෙවන මට්ටමේ සුදුසුකම්ලත් ක්රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
ඔහු Melbourne West සහ Melbourne Southeast ක්රිකට් ඇකඩමිවල ඉහළ කාර්යසාධන පුහුණුකරුවෙකු ලෙසත් සේවය කර තිබෙනවා.
ඔහුට දඬුවම් නියම කිරීමට පෙර සමාජ විශෝධන නියෝගයක් (Community Corrections Order) ලබාදීමේ හැකියාව සලකා බැලීම සඳහා ඇගයීම් වාර්තාවක් කැඳවීමට මහේස්ත්රාත් කැරී ඕ’ෂියා මහත්මිය නියෝග කර තිබෙනවා. දඬුවම් නියම කිරීම ඔක්තෝබර් 26 වැනිදාට නියම කර තිබූ බව ද වාර්තාවේ සඳහන්.
