Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවට තවත් ක්‍රිකට් පරාජයක් - පළමු T20 තරගයේ ජය පාකිස්තානයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැති පළමු තරගය කඩුලු 4කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.

 

රාවල්පිණ්ඩි හිදී පැවැති පළමු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.

 

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් අගනා ඉනිමක් ගොඩනැගූ ළහිරු උදාර පන්දු 55කදී 4 පහර 11ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 91ක් රැස් කළේය.

 

ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 183කි.

 

ලකුණු 183ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *