
2027 ICC පිරිමි එක්දින ලෝක කුසලාන තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.
දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව සම සත්කාරකත්වය දරන මෙවර තරගාවලියට කණ්ඩායම් 14ක් සහභාගී වන අතර සමස්ත තරග සංඛ්‍යාව 57ක්.
🔥 ආරම්භයම ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර!
2023 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී හමුවූ 🇮🇳 ඉන්දියාව සහ 🇦🇺 ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ ප්‍රධාන කාණ්ඩ වටයේ පළමු තරගයට මුහුණ දෙනවා.
📅 ඔක්තෝබර් 7
🇮🇳 ඉන්දියාව 🆚 🇦🇺 ඔස්ට්‍රේලියාව
📍 Cape Town
💥 ඉන්දියා–පාකිස්තාන ගැටුම
ක්‍රිකට් ලෝකයේ දැවැන්ත අවධානයක් දිනාගන්නා 🇮🇳 ඉන්දියා–🇵🇰 පාකිස්තාන තරගය ඔක්තෝබර් 10 වනදා Johannesburg හිදී පැවැත්වීමට නියමිතයි.
📅 ඔක්තෝබර් 10
🇮🇳 ඉන්දියාව 🆚 🇵🇰 පාකිස්තානය
📍 Johannesburg
🇱🇰 ශ්‍රී ලංකාව සිටින Group B
🇱🇰 ශ්‍රී ලංකාව Group B යටතේ 🇳🇿 නවසීලන්තය, 🇿🇦 දකුණු අප්‍රිකාව, 🏴 එංගලන්තය, 🇧🇩 බංග්ලාදේශය සහ Qualifier B කණ්ඩායම සමඟ තරග කරනවා.
ශ්‍රී ලංකාවේ මූලික වටයේ තරග:
🇱🇰 ශ්‍රී ලංකාව 🆚 Qualifier B
📅 ඔක්තෝබර් 10 | 📍 Windhoek
🏴 එංගලන්තය 🆚 🇱🇰 ශ්‍රී ලංකාව
📅 ඔක්තෝබර් 13 | 📍 Windhoek
🇱🇰 ශ්‍රී ලංකාව 🆚 🇧🇩 බංග්ලාදේශය
📅 ඔක්තෝබර් 16 | 📍 Durban
🇳🇿 නවසීලන්තය 🆚 🇱🇰 ශ්‍රී ලංකාව
📅 ඔක්තෝබර් 20 | 📍 Johannesburg
🇿🇦 දකුණු අප්‍රිකාව 🆚 🇱🇰 ශ්‍රී ලංකාව
📅 ඔක්තෝබර් 22 | 📍 Johannesburg Cricbuzz
🏆 Super 7 වටය
මූලික කාණ්ඩ දෙකෙන් පළමු ස්ථාන 3 බැගින් සහ කාණ්ඩ දෙකේ හතරවැනි ස්ථාන අතරින් හොඳම කණ්ඩායම එකතු කර කණ්ඩායම් 7ක් Super 7 වටයට සුදුසුකම් ලබනවා.
මෙහිදී මූලික වටයෙන් ලබාගත් ලකුණු ඉදිරියට ගෙන නොයන අතර, සෑම කණ්ඩායමක්ම තරග 6 බැගින් ක්‍රීඩා කරනවා. Super 7 වටය ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 14 දක්වා පැවැත්වෙනවා. එහි අවසන් ස්ථාන 4 ලබාගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට යනවා.
ශ්‍රී ලංකාව Super 7 සඳහා සුදුසුකම් ලැබුවහොත් B3 ලෙස වෙන් කර තිබෙනවා.
Super 7 වටයේ ශ්‍රී ලංකාවට වෙන් කර ඇති තරග:
🇦🇺 ඔස්ට්‍රේලියාව 🆚 🇱🇰 ශ්‍රී ලංකාව
📅 ඔක්තෝබර් 25 | 📍 Johannesburg
🇳🇿 නවසීලන්තය 🆚 🇱🇰 ශ්‍රී ලංකාව
📅 ඔක්තෝබර් 29 | 📍 KuGompo City
🇱🇰 ශ්‍රී ලංකාව 🆚 🏴 එංගලන්තය
📅 නොවැම්බර් 2 | 📍 Cape Town
🇿🇦 දකුණු අප්‍රිකාව 🆚 🇱🇰 ශ්‍රී ලංකාව
📅 නොවැම්බර් 6 | 📍 Bloemfontein
🇵🇰 පාකිස්තානය 🆚 🇱🇰 ශ්‍රී ලංකාව
📅 නොවැම්බර් 10 | 📍 Bloemfontein
🇮🇳 ඉන්දියාව 🆚 🇱🇰 ශ්‍රී ලංකාව
📅 නොවැම්බර් 14 | 📍 Durban
💥 ඒ කියන්නේ ශ්‍රී ලංකාව Super 7 වටයට සුදුසුකම් ලැබුවහොත් ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි ප්‍රබල කණ්ඩායම් හමුවීමට නියමිතයි.
🌍 තරගාවලියේ ආරම්භක සුදුසුකම් වටය
ලෝක කුසලානයේ පළමු අදියර ඔක්තෝබර් 2 වනදා Windhoek හිදී ආරම්භ වෙනවා.
Qualifier වටයේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් තුනක් එකිනෙකා සමඟ තරග කරන අතර ඔක්තෝබර් 2, 4 සහ 6 යන දිනවල තරග පැවැත්වෙනවා.
එහි පළමු ස්ථානය ලබාගන්නා කණ්ඩායම Group Stage සඳහා අවසන් ස්ථානය ලබාගන්නවා.
🏟️ තරග පැවැත්වෙන ස්ථාන
මෙවර ලෝක කුසලාන තරග දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාංගණ 8ක, සිම්බාබ්වේ ක්‍රීඩාංගණ 3ක සහ නැමීබියාවේ ක්‍රීඩාංගණයක පැවැත්වෙනවා.
🇿🇦 දකුණු අප්‍රිකාව – Cape Town, Paarl, Johannesburg, Tshwane, Bloemfontein, Durban, KuGompo City සහ Gqeberha
🇿🇼 සිම්බාබ්වේ – Harare, Bulawayo සහ Victoria Falls
🇳🇦 නැමීබියාව – Windhoek
Durban සහ Windhoek වැඩිම තරග සංඛ්‍යාව වන තරග 6 බැගින් සත්කාරකත්වය දරන අතර Cape Town, Johannesburg, Bloemfontein සහ Gqeberha තරග 5 බැගින් සත්කාරකත්වය දරනවා.
🏆 අවසන් අදියර
🥇 පළමු අවසන් පූර්ව තරගය
📅 නොවැම්බර් 17 | 📍 Cape Town
🥈 දෙවැනි අවසන් පූර්ව තරගය
📅 නොවැම්බර් 18 | 📍 Tshwane
🏆 අවසන් මහා තරගය
📅 නොවැම්බර් 21 | 📍 Johannesburg
අවසන් පූර්ව තරග දෙකටම සහ අවසන් මහා තරගයට Reserve Day එකක්ද වෙන් කර තිබෙනවා.
