Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවට එංගලන්තය හමුවේ ලකුණු 223 ක දැවැන්ත පරාජයක්

අද (27) පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට එංගලන්තය හමුවේ ලකුණු 223 ක දැවැන්ත පරාජයක් අත්වුණා. 
 
මෙය ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ විශාලතම ලකුණු පරතරයයි.
 
මීට පෙර මෙම වාර්තාව ශ්‍රී ලංකාව සතුව තිබුණේ 2018 වසරේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එංගලන්තය ලකුණු 219 කින් පරාජය කළ අවස්ථාවේදීයි.
 
වසර ගණනාවකට පසු එම වාර්තාවම එංගලන්තය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව අලුත් කිරීම දෛවයේ සරදමක් වගේ…
 

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 355කි.

 

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29.1ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණය. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *