Where the Life Meets Cricket

info@cricketlk.com

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත වෙනසක්! නව කණ්ඩායම් 6ක franchise තරගාවලියක් හඳුන්වා දෙයි

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) විසින් 2026–27 තරග වාරයේ සිට පළමු පෙළ, List A සහ T20 ක්‍රිකට් තරග එකම ව්‍යුහයක් යටතේ පැවැත්වෙන නව කණ්ඩායම් 6ක franchise තරගාවලියක් හඳුන්වා දී තිබෙනවා. 🏏🔥

මෙම නව තරගාවලිය නම් කර ඇත්තේ “Domestic 3” හෙවත් “D3” ලෙසයි.

📅 තරගාවලියේ සැලසුම අනුව,

🏏 T20 තරගාවලිය – දෙසැම්බර් 15 සිට
🏏 පළමු පෙළ තරග – ජනවාරි මාසයේදී
🏏 එක්දින List A තරග – මැයි මාසයේදී

මෙම franchise තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සමඟ වසර 3ක ගිවිසුම්වලට BCB එකඟ වී තිබෙනවා.

💰 එක් franchise එකක් එක් තරග වාරයක් සඳහා BDT කෝටි 2.5ක පමණ මුදලක් ගෙවීමට නියමිත අතර, එයට තරග ගාස්තුද ඇතුළත් බව සඳහන්.

🏏 කණ්ඩායම් 6 සහ Icon ක්‍රීඩකයන්

🟢 Walton – Mehidy Hasan Miraz
🔴 Fortune Group – Towhid Hridoy
🔵 Acme Laboratories – Mosaddek Hossain
🟡 Seven Rings Cement – Mushfiqur Rahim
🟣 ACE Blue Star – Nurul Hasan
🟠 Citizens Bank – Mohammad Naim

👔 කණ්ඩායම් කළමනාකරණය සඳහා coaches තෝරාගැනීමට draft එකක් මේ සතියේ පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා Players’ Draft එක ලබන මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සෑම කණ්ඩායමකටම ආකෘති තුන සඳහා ක්‍රීඩකයන් 23 දෙනෙකු තෝරා ගැනීමට අවස්ථාව හිමිවනවා. 🏏

🇧🇩 මේ අතර, බංග්ලාදේශයේ නව domestic season එක ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එහිදී රටේ divisions 8 නියෝජනය කරමින් ප්‍රදේශ පදනම් කරගත් National Cricket League පළමු පෙළ තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

🔥 බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව තවත් වෘත්තීයමය සහ ආකර්ෂණීය මට්ටමකට ගෙන යාම අරමුණු කරගෙන මෙම නව franchise තරගාවලිය හඳුන්වා දී තිබෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

Kiyana Katha (6)
Read More
Kiyana Katha (39)
Read More
darwin cricket ground
Read More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *