Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20I තරගයෙන් එංගලන්තයට ලකුණු 119ක දැවැන්ත ජයක්!

ශ්රී ලංකාවට එරෙහි පළමු T20I තරගයෙන් ලකුණු 119ක දැවැන්ත ජයග්රහණයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා.

විශේෂත්වය වන්නේ, මෙය T20I තරගයකදී ශ්රී ලංකාව එංගලන්තය හමුවේ ලැබූ දැවැන්තම ලකුණු පරතරයකින් යුත් පරාජය වීමයි. මීට පෙර මෙම වාර්තාව පැවතියේ ලකුණු 89ක් ලෙසයි. එම තරගයත් පැවැත්වුණේ මෙවර තරගය පැවති සවුත්ඇම්ටන්හිදීම වීම විශේෂත්වයක්. 🤯

ලකුණු 255ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට එංගලන්ත පන්දු බලඇණිය ඉදිරියේ සාර්ථක වීමට හැකි වූයේ නැහැ.

ශ්රී ලංකා ඉනිමේ කඩුලු 7ක් ලකුණු 76ක් තුළ බිඳ වැටුණු අතර, අවසන් කඩුලු 3 සඳහා ලකුණු 59ක් එක් කිරීමට ශ්රී ලංකාව සමත් වුණා.

ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දුනිත් වෙල්ලාලගේයි. ඔහු ලකුණු 33ක් රැස් කළා. දසුන් ශානක ලකුණු 24ක්, ඒෂාන් මාලිංග ලකුණු 13ක් සහ පැතුම් නිස්සංක ලකුණු 12ක් ලබාගත්තා.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සොනි බේකර් ලකුණු 12කට කඩුලු 3ක් දවාගත් අතර, ජෙමී ඕවර්ටන් ලකුණු 20කට කඩුලු 2ක් දවාගත්තා. 🎯

🏴 එංගලන්තයෙන් වාර්තාගත ඉනිමක්!

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 254ක් ලබාගැනීමට සමත් වුණා.

මෙම ඉනිම ඉතිහාසගත වන්නේ,

🏏 ශ්රී ලංකාවට එරෙහිව එංගලන්තය T20I තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්යාව ලෙස.

🏏 එංගලන්තය T20I ඉනිමකදී ලබාගත් සිව්වැනි ඉහළම ලකුණු සංඛ්යාව ලෙස.

එංගලන්තය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්රීඩා කළ නායක හැරී බෲක් සහ ජොස් බට්ලර් අතර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 128ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුණා.

බට්ලර් පන්දු 44කදී ලකුණු 80ක් ලබාගත් අතර, හැරී බෲක් පන්දු 49කදී ලකුණු 114ක් රැස් කළා. 🔥

බෲක් සිය ශතකය වාර්තා කළේ පන්දු 42කින් වීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් ඇතුළත් වුණා.

මෙය බෲක්ගේ T20I දිවියේ දෙවැනි ශතකය වන අතර, එංගලන්ත ක්රීඩකයෙකු විසින් වාර්තා කළ වේගවත්ම T20I ශතක අතර දෙවැනි ස්ථානයටත් ඔහු පත්වුණා.

🏏 එංගලන්තයේ වේගවත්ම T20I ශතක

🥇 පන්දු 39 – Phil Salt vs South Africa, 2025\
🥈 පන්දු 42 – Harry Brook vs Sri Lanka, 2026\
🥈 පන්දු 42 – Liam Livingstone vs Pakistan, 2021

ලකුණු 254ක දැවැන්ත ඉනිමක් ගොඩනඟා ශ්රී ලංකාවට ලකුණු 255ක ඉලක්කයක් ලබාදුන් එංගලන්ත නායක හැරී බෲක් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා. 🏆

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *