Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී තිබේ.

 

ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග ඊයේ (06) රාත්‍රී පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගනිමිනි.

 

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 114ක් පමණයි.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 115ක් ලබාගෙන තරගයේ ජය හිමිකර ගත්තේය.

 

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය හර්ෂිතා සමරවික්‍රම පන්දු 37කදී නොදැවී ලකුණු 48ක් ලබා ගත් අතර නිලක්ෂි ද සිල්වා ලකුණු 18කට දැවී ගියේය.

 

මෙම ජයග්‍රහණයත් සමග ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘බී‘ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය.

 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 11වනදා තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සදහා එක්වීමට නියමිතය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *