Where the Life Meets Cricket

info@cricketlk.com

ටෙස්ට් තරගාවලියට පෙර වෙනස්කම් රැසක් ?

කුසල් මෙන්ඩිස් නොමැතිව ඉන්දියාවට එරෙහි ටෙස්ට් සටනේ කඩුලු රකින්නා කවුද?


ඉන්දියාවට එරෙහිව ලබන 15 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත තීරණාත්මක ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු රකින්නාගේ ස්ථානය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගැනීමට සිදුව තිබෙනවා.


ඒ, ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත්වීමත් සමඟයි.

ඒ අනුව කඩුලු රකින්නාගේ භූමිකාව වෙනුවෙන් මේ වන විට අවධානය යොමුව ඇත්තේ 33 හැවිරිදි නිරෝෂන් දික්වැල්ල සහ තවමත් ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබා නොමැති 22 හැවිරිදි අංජල බණ්ඩාර වෙතයි.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව කුසල් මෙන්ඩිස් නොමැති වීමත් සමඟ මෙම දෙදෙනාගෙන් එක් අයෙකුට කඩුලු රැකීමේ වගකීම පැවරීමට නියමිතයි.

නිරෝෂන් දික්වැල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සැලකිය යුතු අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 54කට ක්‍රීඩා කර ඇති අතර, අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර තිබෙන්නේ 2023 වසරේදීයි.

අනෙක් පසින් සිටින්නේ තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති යොවුන් ක්‍රීඩක අංජල බණ්ඩාරයි.

පසුගියදා West Indies Academy කණ්ඩායමට එරෙහිව පැවති සිව්දින තරගාවලියේදී අංජල පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ අතර, එහිදී ඔහු ශතක තුනක් වාර්තා කිරීමට සමත් වුණා.

එම ඉනිම් 163 සහ නොදැවී 189ක් මෙන්ම 105ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අංජල බණ්ඩාර ඉන්දියාව සමඟ පැවති තුන්දින පුහුණු තරගයටද ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අනුව ඔහුට ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි වුවහොත්, එය ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ සුවිශේෂී ආරම්භයක් වනු ඇති.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරද ශාරීරික යෝග්‍යතාව මත තාවකාලික සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

තරුණ දඟ පන්දු යවන ක්‍රීඩක කේෂර නුවන්තද තාවකාලික සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ඒ අනුව ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ ශාරීරික යෝග්‍යතාව සහ තේරීම් කමිටුවේ අවසන් තීරණ මත අවසන් කණ්ඩායම් සංයුතිය වෙනස් විය හැකි බවයි වාර්තා වන්නේ.

එසේනම් කුසල් මෙන්ඩිස් නොමැතිව ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ කඩුලු රැකීමේ වගකීම හිමිවිය යුත්තේ අත්දැකීම් බහුල නිරෝෂන් දික්වැල්ලටද?

නැතිනම් දක්ෂතා අතර සිටින යොවුන් අංජල බණ්ඩාරටද? 🏏🇱🇰

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ලහිරු කුමාරත් එක්වෙයි?

ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ තාවකාලික ටෙස්ට් සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ඇතුළත් කර ඇති බව NewsWire වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ලහිරු කුමාරගේ අවසන් තේරීම ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ලහිරු කුමාර සම්පූර්ණ යෝග්‍යතාවයෙන් එක්වන්නේ නම්, ශ්‍රී ලංකා කණ්ඩායමට එය වැදගත් ශක්තියක් වනු ඇති.

විශේෂයෙන්ම ඔහුගේ වේගවත් පන්දු යැවීම ඉන්දීය පිතිකරණ බලඇණියට අභියෝගයක් එල්ල කළ හැකි අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වේගපන්දු ප්‍රහාරයට ඔහුගෙන් විශාල දායකත්වයක් ලබාගත හැකි වනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අගෝස්තු 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *