Where the Life Meets Cricket

info@cricketlk.com

2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාවට යන්න පුළුවන්ද?

2027 World Test Championship (WTC) අවසන් මහා තරගයේ ස්ථානයක් ලබා ගැනීමේ සටන මේ වනවිට ශ්රී ලංකාවට දැවැන්ත අභියෝගයක් බවට පත්ව තිබෙනවා.

WTC ප්රසාද ලකුණු සටහනේ මේ වනවිට 6 වැනි ස්ථානයේ පසුවන ශ්රී ලංකාවට ඉදිරියේදී තවත් ටෙස්ට් තරග 8ක් ක්රීඩා කිරීමට නියමිතයි.

එම තරග 8 අතරින් ජයග්රහණ 5ක් සහ ජය පරාජයෙන් තොර තරග 2ක් ලබා ගැනීමට හෝ ජයග්රහණ 6ක් ලබා ගැනීමට හැකි වුණොත්, අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ සටනේ ශ්රී ලංකාවට ඉතා ශක්තිමත් ස්ථානයකට පැමිණීමට හැකියාව තිබෙනවා. 🔥

හැබැයි ඒ ගමනේ පළමු සහ විශාලතම අභියෝගය දැනටමත් අපි ඉදිරියේ තියෙනවා.

ඒ තමයි… ඉන්දියාව. 🇮🇳

WTC ප්රසාද ලකුණු සටහනේ ශ්රී ලංකාවට ඉහළින් 5 වැනි ස්ථානයේ සිටින ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක තරගාවලිය.

මේක තවත් එක් සාමාන්ය ටෙස්ට් තරගාවලියක් නෙවෙයි.

WTC අවසන් සටනේ සිහිනය රැකගන්න නම්, ඉන්දියාවට එරෙහිව ශ්රී ලංකාව තමන්ගේ ශක්තිය පෙන්විය යුතුම තරගාවලියක්. 💪🇱🇰

ශ්රී ලංකාව මේ වනවිට WTC යටතේ තරග 4කට ක්රීඩා කර තිබෙනවා.

🏏 ජයග්රහණ 1යි
❌ පරාජය 1යි
🤝 ජය පරාජයෙන් තොර තරග 2යි

ඒ නිසා ඉදිරියේ පැවැත්වෙන සෑම ටෙස්ට් තරගයක්ම ශ්රී ලංකාවට අතිශය වැදගත්.

විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහි තරගාවලිය ශ්රී ලංකාවේදීම පැවැත්වීම අපේ කණ්ඩායමට විශාල වාසියක් වෙන්න පුළුවන්. 🇱🇰🏟️

ඉන්දියාව කියන්නේ ලෝක ටෙස්ට් ක්රිකට් ක්රීඩාවේ දැවැන්ත බලවේගයක්.

ඒත් මේ අපේ රටේදී… අපේ ප්රේක්ෂකයන් ඉදිරියේ… අපේ කොල්ලන්ට තමන්ගේ හැකියාව පෙන්වන්න තියෙන අවස්ථාවක්. 🔥

WTC අවසන් මහා තරගය දක්වා යන ගමනේදී, ඉන්දියාවට එරෙහිව දැවැන්ත පියවරක් තබන්නට ධනංජය ප්රමුඛ අපේ සිංහයන්ට හැකි වේවිද? 🦁🇱🇰

අපි බලමු… මේ පාර ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් එක කොච්චර දුරක් යනවද කියලා! ❤️🏏

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *