Where the Life Meets Cricket

info@cricketlk.com

2026 කාන්තා T20 ආසියානු කුසලානය අගෝස්තු 28 සිට UAE හි පැවැත්වීමට සැලසුම්

2026 කාන්තා T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර, තරගාවලිය සම්බන්ධ නිල නිවේදනය තවමත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් නිකුත් කර නොමැත.

 

තරගාවලිය සඳහා සහභාගි වන සියලුම රටවලට මෙම දිනයන් අනුව සූදානම් වන ලෙස අනිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

 

මෙය කාන්තා T20 ආසියානු කුසලානයේ හයවැනි සංස්කරණය වන අතර, වර්තමාන ශූරියන් වන ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, තායිලන්තය සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගාවලියට සහභාගි වීමට නියමිතය.

 

ACC තරග කාලසටහන, නිල දිනයන් සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඒ සඳහා ACC නායකත්වයේ අවසන් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

 

වර්තමානයේ ACC සභාපති ධුරය පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මොහ්සින් නක්වි විසින් දරනු ලබයි.

 

ජූලි 22 දින සහභාගි වන කණ්ඩායම් වෙත යොමු කළ විද්‍යුත් තැපැල් පණිවුඩයකදී තරගාවලියේ නිල ලාංඡනය (Logo) ද හුවමාරු කර ඇති අතර, තරගාවලිය පැවැත්වෙන ස්ථානය තවමත් අවසන් කරමින් පවතින බව සඳහන් කර තිබේ.

 

එමෙන්ම කණ්ඩායම් අගෝස්තු 27 වන දින පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, අවසන් මහ තරගය සැප්තැම්බර් 13 දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවද එහි සඳහන් විය.

 

කෙසේ වෙතත්, ගමන් සහ අනෙකුත් සැලසුම් සකස් කිරීම සඳහා අවශ්‍ය නිල කාලසටහන පිළිබඳව සහභාගි වන රටවල් ACC වෙතින් තොරතුරු විමසමින් සිටින බවද වාර්තා වේ.

 

මේ අතර, ඉරිදා දිනයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නම් කළද, ACC විසින් තරගාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබීම හේතුවෙන් එම නිවේදනය කෙටි වේලාවකින් ඉවත් කර තිබිණි.

 

එමෙන්ම, 2026 වසරේ ජපානයේ නාගෝයා නගරයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව් සැප්තැම්බර් 17 සිට 24 දක්වා පැවැත්වීමට කාලසටහන්ගත කර තිබීමද විශේෂත්වයකි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *