Where the Life Meets Cricket

info@cricketlk.com

ICC

ICC ලෝක කුසලාන ආකෘතිය වෙනස් කිරීම ගැන ක්‍රීඩකයන්ගෙන් විරෝධය

2027 එක්දින ලෝක කුසලානය සඳහා හඳුන්වා දී ඇති නව තරග ආකෘතිය සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය (WCA) සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

 

ICC විසින් හඳුන්වා දී ඇති නව ක්‍රමයට අනුව, ලෝක කුසලානයට සුදුසුකම් ලබන පහළම ශ්‍රේණිගත කණ්ඩායම් තුන මුලින්ම “Super Series” වටයකට ක්‍රීඩා කළ යුතු අතර, එයින් එක් කණ්ඩායමකට පමණක් ප්‍රධාන තරග වටයට පිවිසීමේ අවස්ථාව හිමිවෙනවා.

 

මෙම තීරණය ගැන අදහස් දක්වමින් නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් සහ අයර්ලන්ත නායක පෝල් ස්ටර්ලින් ඇතුළු ක්‍රීඩකයන් පවසා ඇත්තේ, මෙවැනි වෙනස්කම් කුඩා ක්‍රිකට් රටවලට ලෝක වේදිකාවේ අවස්ථා අඩු කරන බවයි. ඔවුන්ගේ අදහස වන්නේ, ක්‍රීඩාව ලොව පුරා ව්‍යාප්ත කිරීම ICC හි අරමුණ නම්, මෙවැනි තීරණ ඊට පටහැනි බවයි.

Share This Post

ICC

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *