Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්ත ක්‍රිකට් නායිකාවගේ ජීවිතය බේරාගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයා

පසුගිය කාන්තා T20 ලෝක කුසලානයේ අනුශූරතාව දිනාගත් කණ්ඩායමේ නායිකාව වූ Nat Sciver-Brunt අද ලෝකයේ හොඳම තුන්ඉරියව් ක්රීඩිකාවක්. නමුත් එක් කාලයකදී ඇය මානසිකව දැඩි ලෙස බිඳවැටී, ක්රිකට් ක්රීඩාවෙන් සමුගැනීමට පවා සූදානම්ව සිටි බව ඔබ දන්නවාද ?

ඒ අඳුරු කාලයෙන් ඇයව නැවත ගොඩගැනීමට විශාල දායකත්වයක් ලබාදුන්නේ ශ්රී ලාංකික වෛද්යවරයෙකු වන වෛද්ය තමිදු වෙදතිලක මහතායි. වර්තමානයේ ඔහු එංගලන්ත සහ වේල්ස් ක්රිකට් ආයතනය (ECB) සමඟ කටයුතු කරන ක්රීඩා වෛද්යවරයෙකි.

2022 වසරේ පැවැති The Hundred තරගාවලියේ Eliminator තරගයෙන් පසු Nat දැඩි මානසික කඩාවැටීමකට මුහුණ දුන්නා. ඇය තමන්ම තමන්ට අධික පීඩනයක් එල්ල කරගත් අතර, ක්රීඩා පිටියේ පීඩනය නිවසටත් රැගෙන ගොස් පෞද්ගලික ජීවිතයේ සතුට සහ සැහැල්ලුව පවා අහිමි කරගත්තා.

ඒ සමයේම බර්මිංහැම්හි පැවැති පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී තම රටේදී පැවැති තරගාවලියකින් පදක්කමක් දිනාගැනීමට මහා බ්රිතාන්ය කණ්ඩායම අසමත් වීමද ඇයට තවත් මානසික පීඩනයක් විය. නායිකාවක් ලෙසත්, ප්රමුඛ ක්රීඩිකාවක් ලෙසත් ඇය දැඩි පීඩනයක් යටතේ සිටියාය.

එම අවස්ථාවේ එංගලන්ත කණ්ඩායමේ වෛද්යවරයා ලෙස කටයුතු කළ වෛද්ය තමිදු වෙදතිලක මහතා ඇයගේ වෙනස හඳුනා ගත්තේය. ඔහු Nat සමඟ දිගින් දිගටම සාකච්ඡා කළේ ක්රිකට්වලට වඩා ඇයගේ ජීවිතය, මානසික සුවතාව සහ පෞද්ගලික සතුට වැදගත් බව පැහැදිලි කරමිනි.

ඔහුගේ උපදෙස් අනුව Nat තාවකාලිකව ක්රිකට්වලින් ඉවත් වී, මානසික සුවය නැවත ගොඩනඟා ගැනීමට කාලය ලබාගත්තාය. ඒ අනුව ඇය 2022 වසරේ ඉන්දියාවට එරෙහි තරගාවලියෙන්ද ඉවත් වී සම්පූර්ණ අවධානය යොමු කළේ තම මානසික සුවතාව යළි ගොඩනැගීමටය.

එහි ප්රතිඵලය විශ්මයජනක විය.

2023 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේදී Nat නැවත කණ්ඩායමට එක්වූයේ පෙරටත් වඩා ශක්තිමත් මානසිකත්වයකිනි. ඇය තරග 5කදී ලකුණු 216ක් රැස් කරමින් 72ක සාමාන්යයක් වාර්තා කළාය. ඉන් නොනැවතී එම වසරේ Women’s Premier League (WPL) තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභිනිය බවට පත්වූ අතර කඩුලු 10ක්ද දවාගත්තාය.

ක්රිකට්වලට සමුදීමට සූදානම්ව සිටි ක්රීඩිකාවක් අද ලෝකයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්රීඩිකාවක් සහ නායිකාවක් ලෙස නැවත නැගී සිටීම පිටුපස තිබෙන්නේ නිසි අවස්ථාවේ ලැබුණු සහයෝගය, නිවැරදි මඟපෙන්වීම සහ මානසික සුවතාවට ලබාදුන් ප්රමුඛතාවයයි.

වෛද්ය තමිදු වෙදතිලක මහතා එදා ඇයගේ නිහඬ වේදනාව හඳුනාගෙන මැදිහත් නොවූයේ නම්, අද අප කතා කරන්නේ ලෝකයේ හොඳම ක්රීඩිකාවක් ගැන නොව, අසාර්ථක ලෙස ක්රිකට්වලින් සමුගත් ක්රීඩිකාවක් ගැන විය හැකියි.

Nat Sciver-Brunt තම ක්රිකට් ගමන ගැන කතා කරන බොහෝ අවස්ථාවලදී මේ සිදුවීම සිහිපත් කරන අතර, තම ජීවිතයේ අඳුරුම කාලයේදී ලබාදුන් සහය වෙනුවෙන් වෛද්ය තමිදු වෙදතිලක මහතාට නිරන්තරයෙන් කෘතඥතාව පළ කරයි.

“සමහර ජයග්රහණ ලකුණු පුවරුවේ සටහන් වෙන්නේ නැහැ. ඒවා සටහන් වෙන්නේ මිනිස් ජීවිතවලයි…..” 🇱🇰❤️

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

General (2)
Read More
south-africa-have-had-some-thumping-defeats-in-t20is-and-odis-in-the-last-two-months
Read More
sri lanka england
Read More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *