Where the Life Meets Cricket

info@cricketlk.com

හෙදර් නයිට් ක්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්ත කාන්තා ක්රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම නායිකාවක් වන Heather Knight, ලෝර්ඩ්ස් ක්රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඓතිහාසික ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්යන්තර ක්රිකට් දිවියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. 
 
2010 වසරේදී ජාත්යන්තර වරම් දිනාගත් ඇය වසර 16 ක් පුරා එංගලන්තය වෙනුවෙන් ක්රීඩා කරමින් ආකෘති 03 ම තරග 320 කට සහභාගි වී තිබෙනවා.
 
එම කාලය තුළ ඇය රැස් කළ ජාත්යන්තර ලකුණු සංඛ්යාව 7,988ක් වන අතර, ශතක 6ක් ද ඊට ඇතුළත්.
 
2017 වසරේ ලෝර්ඩ්ස් ක්රීඩාංගණයේදී ඉන්දියාව පරාජය කරමින් එංගලන්තයට කාන්තා එක්දින ලෝක කුසලානය දිනා දුන් නායිකාව ඇයයි.
 
2016 වසරේදී නායකත්වය භාරගත් Heather Knight, 2025 දක්වා තරග 199කදී එංගලන්තය මෙහෙයවමින් ජයග්රහණ 134ක් ලබා දුන්නා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

darwin cricket ground
Read More
General
Read More
south-africa-have-had-some-thumping-defeats-in-t20is-and-odis-in-the-last-two-months
Read More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *