Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟයට

සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම, 2026 ICC කාන්තා T20 ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්රිකාව ලකුණු 40කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

ලන්ඩනයේ The Oval ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

එම ඉනිමේ නායිකා නැට් ස්කයිවර්-බ්රන්ට් ලකුණු 75ක විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ අතර, හෙදර් නයිට් ද අර්ධ ශතකයක් වාර්තා කරමින් කණ්ඩායම ශක්තිමත් මුළු ලකුණු සංඛ්යාවක් කරා රැගෙන ගියා.

ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්රිකාවට එංගලන්ත පන්දු යවන්නියන් හමුවේ සාර්ථක වීමට නොහැකි වූ අතර, අවසානයේ ලකුණු 40ක පරාජයක් අත්විඳීමට සිදුවුණා.

ඒ සමඟින්, 2026 ICC කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ස්ථානය එංගලන්තය වෙන්කර ගත්තා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *