Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවට 2028 ඔලිම්පික් ක්‍රිකට් අහිමිවීමේ අවදානමක් ?

වසර 126කට පසු පළමු වර⁣ට ඔලිම්පික් උළෙලට එක්වන ක්රිකට් ක්රීඩාව සඳහා 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී (LA28) පිරිමි හා කාන්තා T20 ක්රිකට් තරගාවලි සඳහා එක් එක් අංශයෙන් රටවල් 6 බැගින් තරග වැදීමට නියමිත බව ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) සහ ජාත්යන්තර ඔලිම්පික් කමිටුව (IOC) නිවේදනය කරයි.
 
දැනට තියෙන තත්ත්වය අනුව පෙනී යන්නේ, ශ්රී ලංකා පිරිමි සහ කාන්තා ක්රිකට් කණ්ඩායම් දෙකම 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට 2027 දී පැවැත්වෙන නව ICC Olympics Qualifier තරගාවලිය හරහා යාමට සිදුවනු ඇති බවයි.
 
2026 ICC කාන්තා T20 ලෝක කුසලානය හරහා ඔස්ට්රේලියාව, මහා බ්රිතාන්යය (එංගලන්තය හරහා), ඉන්දියාව සහ දකුණු අප්රිකාව LA28 සඳහා සුදුසුකම් ලබාගත් පළමු කාන්තා කණ්ඩායම් බවට පත්ව තිබෙනවා.
 
සුදුසුකම් ස්ථාන 5ක් ICC තරගාවලි හා T20I ශ්රේණිගත කිරීම් හරහා තීරණය වන අතර, අවසන් ස්ථානය ICC Olympics Qualifier 2027 මගින් තීරණය වේ.
 
2026 කාන්තා T20 ලෝක කුසලානය හරහා:
• ඔස්ට්රේලියාව – ඔෂියානියාව නියෝජනය
• මහා බ්රිතාන්යය (එංගලන්තය හරහා) – යුරෝපය නියෝජනය
• ඉන්දියාව – ආසියාව නියෝජනය
• දකුණු අප්රිකාව – අප්රිකාව නියෝජනය
යන කණ්ඩායම් LA28 සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
 
බහු කැරිබියානු රටවල් එකට නියෝජනය කරන West Indies කණ්ඩායම IOC විසින් වෙනම ජාතික ඔලිම්පික් කමිටුවක් ලෙස පිළිගන්නා කණ්ඩායමක් නොවන නිසා ඔලිම්පික් සඳහා සෘජුව සුදුසුකම් ලැබීමට නොහැකියි.
 
කෙසේ වෙතත්, ඔවුන් ඉහළ ශ්රේණිගත කණ්ඩායම් අතර සිටී නම් කැරිබියානු සුදුසුකම් තරගාවලියක් පැවැත්වෙනවා.
 
ඇමරිකානු කලාපයෙන්, සත්කාරක රට වන ඇමරිකාව පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම සුදුසුකම් ලබාගත හැකි නමුත්, ඒ සඳහා 2026 ජූනි 30 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ICC T20I ශ්රේණිගත කිරීම්වල ඉහළම 15 අතර සිටිය යුතුයි.
 
පිරිමි අංශයේ ඉතිරි ස්ථාන ICC T20I ශ්රේණිගත කිරීම් මත තීරණය වන අතර, අවසන් ස්ථානය ICC Olympics Qualifier 2027 මගින් තීරණය වේ.
 
Qualified වූ කණ්ඩායම් සෑම එකකටම ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගැනීමට අවසර ලැබෙනවා.
 
🏏 තරග ආකෘතිය:
• කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ 2ක්
• තම කාණ්ඩයේ කණ්ඩායම් සමග එක් වරක් තරග කිරීම
• විරුද්ධ කාණ්ඩයේ සමාන ස්ථානයේ නොසිටි කණ්ඩායම් සමග තවත් තරග 2ක්
• ඉහළම කණ්ඩායම් දෙක රන් සහ රිදී පදක්කම් සඳහා තරග කිරීම
• තෙවන හා සිව්වන ස්ථාන ලැබූ කණ්ඩායම් ලෝකඩ පදක්කම සඳහා තරග කිරීම
 
දැනට ශ්රී ලංකා පිරිමි කණ්ඩායම ICC T20I ශ්රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවනවා. නමුත් ආසියානු කලාපයේ ඉන්දියාව ඔවුන්ට ඉහළින් සිටින බැවින්, සුදුසුකම් අවසන් වන දිනයට පෙර ඉන්දියාව අභිබවා නොගියහොත් ආසියාවට හිමි ස්වයංක්රීය ස්ථානය ශ්රී ලංකාවට ලබාගැනීම අපහසු වනු ඇත.
 
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම දැනට ICC කාන්තා T20I ශ්රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවුවද, ආසියාවට හිමි ස්වයංක්රීය ස්ථානය ඉන්දියාවට හිමිවීම හේතුවෙන් එම අවස්ථාව අහිමි වී තිබෙනවා.
 
ඒ අනුව ශ්රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම 2027 ICC Olympics Qualifier තරගාවලියට සහභාගි වීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
 
එහි ජයග්රාහී කණ්ඩායමට ඔලිම්පික් අවසන් සුදුසුකම් ස්ථානය හිමි වේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

General (3)
Read More
dasun-shanaka-20-nov-2025-alamy16
451103-west-indies
Read More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *