Where the Life Meets Cricket

info@cricketlk.com

තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට / ශ්‍රී ලංකාව පරදා කොදෙව් කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම ලකුණු 66කින් පරාජය කර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දිය ඉන්දීය ‘A’කණ්ඩායම සමත්විය.

 

දඹුල්ලේ පැවති අවසන් මහා තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 378ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 47.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 311ක් පමණි.

 

එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් ලබා ගැනීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.

 

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.

 

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යම් තරමක හෝ සටනක් දියත් කිරීමට සමත් වූයේ නිලක්ෂිකා ද සිල්වා සහ කවිෂා දිල්හාරි පමණි. 

 

එහිදී නිලක්ෂිකා ද සිල්වා පන්දු 26කදී ලකුණු 30ක් සහ කවිෂා දිල්හාරි පන්දු 20කදී ලකුණු 21ක් රැස් කළහ. 

 

සෙසු කිසිදු පිතිකාරිණියකට ලකුණු අතරට පිවිසීමට කොදෙව් පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන්හ.

 

ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ‘B’ කාණ්ඩයේ (Group 2) 4 වැනි ස්ථානයේ පසුවන අතර, මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජයගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. 

 

ශ්‍රී ලංකාව මූලික වටයේ ක්‍රීඩා කරන තෙවැනි තරගය මෙයයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *