සඳුදා දඹුල්ලේ පැවති තුන්කොන් තරඟාවලියේ තරඟය අතරතුර ඇති වූ උණුසුම් සිද්ධිය හමුවේ ඉන්දීය පිතිකරු වෛභව් සූර්යවංශිට ද දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සමාලෝචනය කිරීමෙන් පසු තරග තීරකවරයා හැලම්බගේ සහ සූර්යවංශි යන දෙදෙනාටම ක්‍රීඩකයන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 50 ක දඩයක් නියම කර ඇති බව දැනගන්නට ලැබේ.
ආරංචි මාර්ග පැවසුවේ විනිසුරුවරයාගේ වාර්තාව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අදාළ ක්‍රිකට් බලධාරීන් වෙත සලකා බැලීම සඳහා ඉදිරිපත් කර ඇති බවයි.
තරඟාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) යටතේ පවත්වනු නොලබන බැවින්, දඩුවම් පිළිබඳ අවසාන තීරණය අදාළ මණ්ඩල නියෝජිතයින් සහ තරඟාවලි නිලධාරීන් සතු බව ආරංචි මාර්ග පවසයි.
