
ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඔහුගේ අතෙහි ඇති වී තිබෙන ආබාධයක් සඳහා එළඹෙන ජූලි මාසයේ පළමු සතියේදී සැත්කමකට භාජනය වීමට නියමිත බව වාර්තා වෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ටෙස්ට් තරඟාවලිය අතරතුර ලැබෙන විවේක කාලය තුළදී මෙම සැත්කම සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම සැත්කමෙන් පසු ඔහුට සුවය ලැබීම සඳහා යම් කාලයක් ගතවන බැවින්, ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත 2026 Lanka Premier League (LPL) තරඟාවලිය සම්පූර්ණයෙන්ම ඔහුට මඟහැරී යාමේ අවදානමක් පවතිනවා.
මෙම වසරේ LPL තරඟාවලිය සඳහා කණ්ඩායම් විසින් සිදුකළ සෘජු ගිවිසුම්ගතවීම් (Direct Signings) අතරට පැතුම් නිස්සංක ඇතුළත් නොවීමට ප්රධානතම හේතුව මෙය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
