Where the Life Meets Cricket

info@cricketlk.com

ඉතිහාසයේ පළමු වතාවට LPL පිටියට ඉන්දියාවෙනුත් තරු ?

ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය (BCCI) තමන්ගේ ක්රීඩකයන්ට ඉන්දියාවෙන් පිටත කිසිදු පෞද්ගලික T20 ලීග් තරගාවලියකට (BBL, CPL, PSL වැනි) ක්රීඩා කරන්න අවසර දෙන්නේ නැහැ.
 
හැබැයි පළමු වතාවට ඒ දැඩි නීතිය ලංකාව වෙනුවෙන් වෙනස් වෙලා ඇති බවට මාධ්ය වාර්තා පළවෙනවා.
 
මෙවර පැවැත්වෙන 6 වැනි LPL තරගාවලිය සඳහා ඉන්දීය ජාතික මට්ටමේ සහ සුපිරි ඉන්දීය ක්රීඩකයන්ට BCCI ආයතනය නිල වශයෙන්ම අවසර ලබා දී ඇති බවට මාධ්ය වාර්තා පළවෙනවා.
 
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ ලසිත් මාලිංග වැනි අපේ සිංහයන් වසර ගණනාවක් තිස්සේ IPL කණ්ඩායම්වල ප්රධාන පුහුණුකරුවන් සහ උපදේශකයන් ලෙස ඉන්දීය ක්රිකට් ක්රීඩාව තුළ ගොඩනඟාගෙන ඇති අතිශය ගෞරවනීය පිළිගැනීම සහ සමීප සබඳතා මේකට ලොකුම හේතුවක්.
 
මෙවර LPL තරගාවලියේ කණ්ඩායම් 5 න් කණ්ඩායම් 3 කම (Colombo Kaps, SC Jaffna Kings, Kandy Royals) අයිතිය සහ ආයෝජන පවතින්නේ ඉන්දීය ව්යවසායකයන් සතුවීම තවත් හේතුවක්.
 
🛑 | මෙවර ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) සඳහා රටවල් 21 ක ක්රීඩකයන් 650 ක් පමණ ලියපදිංචි වී සිටිනවා.
 
◼️ පකිස්ථානය – 102
◼️ බංග්ලාදේශය – 75
◼️ එංගලන්තය – 66
◼️ ඔස්ට්රේලියාව – 48
◼️ ද. අප්රිකාව – 41
◼️ නවසීලන්තය – 24
◼️ ඇෆ්ඝනිස්ථානය – 15
◼️ බ. ඉ. කොදෙව් – 12
 
මේ අතරින් අවසන් ක්රීඩක කෙටුම්පත් කිරීම සඳහා සුදුසුකම් ලබා ගන්නේ ක්රීඩකයන් 310 දෙනෙකු පමණයි.
 
එම ක්රීඩකයන් 310 දෙනා අතුරින් කණ්ඩායම් 05 ක් සඳහා විදෙස් ක්රීඩකයන් බෙදී යාම සිදු වනවා.
 
මෙවර තරගාවලිය සඳහා පකිස්ථානය – බංග්ලාදේශය – එංගලන්තය සහ ඔස්ට්රේලියාව යන රටවල ක්රීඩකයන්ගෙන් විශේෂ ඉල්ලුමක් හිමිව තිබෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *