මෙවර LPL තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ දුනිත් වෙල්ලාලගේ සහ භානුක රාජපක්ෂ යන ක්රීඩකයන් දෙදෙනා සෘජුවම ගිවිසුම්ගත වී තිබෙනවා.
මෙවර LPL තරගාවලිය සඳහා ක්රීඩා කරන ජැෆ්නා කිංග්ස් කණ්ඩයමේ හිමිකාරීත්වය වෙනස් වී තිබෙනවා.
ඒ අනුව එම ෆ්රැන්චයිසයේ හිමිකාරීත්වය ඉන්දීය සමාගමක් වන “Sports Communie” ආයතනයටයි හිමිව ඇත්තේ.
එහි හිමිකාරීත්වය දරන්නේ මංජොන් කල්රා හා මායනක් ගෝයල්ගේ විසිනි.
LPL තරගාවලි ඉතිහාසයේ අවස්ථා 04 කදී ශූරතාවය දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සැළකෙන්නේ LPL තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙසයි.
