Where the Life Meets Cricket

info@cricketlk.com

CSK තුන් ඉරියව් ක්‍රීඩක ජේමි ඕවර්ටන් ආබාධ තත්වයක

CSK තුන් ඉරියව් ක්රීඩක ජේමි ඕවර්ටන් ආබාධ තත්වයකට (Right Thigh injury) ලක්ව තිබෙනවා.

එම ආබාධ තත්වය පිළිබඳව තක්සේරුවක් ලබාගැනීමේ අරමුණින් ඔහු එංගලන්තය බලා පිටත්වන බවටයි CSK කණ්ඩායමේ සමාජ මාධ්ය ජාලා ඔස්සේ නිළ වශයෙන් පළ කර තිබුණේ.

ඔහු කොපමණ කාලයකින් නැවත CSK කණ්ඩායම සමඟින් එක් වනවාද නැද්ද යන්න මෙතෙන් නිශ්චිතව සඳහන් කර නොමැත.

CSK කණ්ඩායමට මූලික වටයේ තවත් තරග 03 ක් ඉතිරිව ඇති අතර එම තරග 03 න් තරග 02 ක් ඔවුන් ජයගැනීම අනිවාර්යය වනවා.

මෙවර IPL තරගාවලියේ CSK කණ්ඩායම වෙනුවෙන් දෙවනුවට වැඩිම කඩුලු සංඛ්යාවක් දවාගෙන ඇත්තේ ජේමි ඕවර්ටන් විසිනි.

ඔහු මෙතෙක් කඩුලු 14 ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.

CSK කණ්ඩායමට මීළඟ තරගය යෙදී ඇත්තේ LSG කණ්ඩායමට එරෙහිව හෙට (15) දිනයේදීයි.

ජේමි ඕවර්ටන් නොමැතිවීම CSK කණ්ඩායමට විශාල පසුබෑමක් ඇතිකරනු ඇති බවටයි විචාරක මතය වී ඇත්තේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *