Where the Life Meets Cricket

info@cricketlk.com

සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධාන කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

 

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 

 

ඒ අනුව අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය, ‘බී‘ කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

 

වැසි සහිත කාලගුණ තත්ත්වය පහවයෑමෙන් පසුව සංශෝධිත තරග කාලසටහන් නිවේදනය කරන බව ක්‍රිකට් ආයතනය පැවසුවේය. 

 

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද පැවැත්වීමට සැලසුම් කර තිබූ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර තිබේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *